Colombo Today Local News

තෙරුවණට අපහාසකළ තව්හීද් ජමාත්ගෙන් ගම්මන්පිලටත් කුරාණයක් තෑගි

gammanpila with islam extrimist group

ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය කුරාණයේ සිංහල පිටපතක් එළිදැක්වීම නිමිත්තෙන් එහි ප්‍රධානියා ලෙස හැදින්වෙන ජයිනුල් ආබ්දීන් නමැති තමිල්නාඩුවේ අන්තවාදී ඉස්ලාමීය දේශකයෙකු මෙරටට ගෙන්වීමට ගත් උත්සාහය රටතුළ විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිකරන සිදුවීමක් වූනා. එම සංවිධානය අදාළ සිංහල පරිවර්තිත කුරාණය ජනගත කිරීම මේ වනට විට අරඹා අති අතර ඒ අනුව එහි පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාටද ඊයේ (31)දා ප්‍රදානය කරන ලදි.

කුරාණයේ අදාල පරිවර්ථනය තුළ අන්තවාදී අර්ථ නිරූපණයන් ඇතුළත් වන බවත් ඒ තුළින් අනාගතයේදී රටේ ආගමික සංහිදියාවට දැඩි බලපෑමක් ඇතිවනු ඇති බවත් මැදහත් ඉස්ලාමීය විචාරකයන් පවා අදහස් පළකර තිබුණා. එමෙන්ම දැඩිමතධාරී වහාබ්වාදී මත ප්‍රචාරය හරහා මෙරට මුස්ලිම් සමාජයද අන්තවාදයට ගෙන යෑමට ක්‍රියාකරන ප්‍රමුඛතම අන්තවාදී කණ්ඩායම ලෙස මුස්ලිම් සමාජයෙන් මෙන්ම ජාතික සංවිධාන පාර්ශවවලින්ද තව්හීද් ජමාත් වෙත චෝදනා එල්ලවී තිබෙනවා.

බුදුන් වහන්සේ මිනී මස් අනුභව කරන්නෙකු යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් මෙරට බෞද්ධ සමාජයට පහරගසමින් රටතුළ ආගමික ගැටුම් ඇවිලවීමට කටයුතු කරමින් සිටින්නේද මෙම තව්හීද් ජමාත් කණ්ඩායමයි. පසුගිය දිනෙක මාවනැල්ල හෙම්මාතගම ප්‍රදේශයේ අනවසර ආගමික ප්‍රචාරයක කටයුතු සිදු කිරීමට යෑමෙදී ගම්වැසියන් සහ මෙම කණ්ඩායම අතර ගැටුමක්ද ඇතිවූ බව වාර්තා වුණා.

තව්හීද් ජමාත් හා ISIS සබදකම් ගැන මුස්ලිම් අයෙකුගේ ප්‍රකාශය

තව්හීද් ජමාත් ක්‍රියාකාරකම්වලට ජාතික නිදහස් පෙරමුණේ විරෝධය

තව්හීද් ජමාත් ගැන අසාද් සාලි කළ හෙලිදරව්ව

බුදුන්ට අපහාස කළ තව්හීද් ජමාත්ට උසාවියේදී සමාව නොලැබෙයි

Related posts

මිල්කෝ සමාගම සත්ව ආහාර සදහා අලෙවි කල කිරිපිටි ගැන පරීක්ෂණයක් කරන්න. – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

මහා සංඝරත්නය,දෙමළ සහ මුස්‌ලිම් ආගමික නායකයන් ඥානසාර හිමි නිදහස්‌ කරනවාට විරුද්ධ නෑ – දුමින්ද දිසානායක

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු එවන ලෙස ජනපති ඉල්ලයි

colombotoday

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

colombotoday

ඇමැති ප්‍රසන්නගේ නිවසට පහරදුන් සිද්ධියට මහාචාර්ය හිමියෝ බාර වෙති

colombotoday

කටුනායකට ආ ගුවන් යානයක් මත්තල වී ගබඩාවට හරවා යවයි.

colombotoday