Colombo Today Local News

ත්‍රීමලෙන් අක්කර 70.000ක් යුද කදවුරකට – තවත් විදේශ අතපෙවීමකට රනිල් පාර කැපූ හැටි හෙළිවෙයි

ත‍්‍රිකුණාමලයේ ජාත්‍යන්තර වරාය ද ඇතුළුව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය සංවර්ධනය කිරීම ස`දහා පසුගිය ආණ්ඩුව සිංගප්පූරුවේ සමාගමක් සමග සකස් කර ඇති මහා සංවර්ධන සැලැස්ම ඔස්සේ, අක්කර 70,000කට ආසන්න  භූමියක් යුද හෝ ආරක්ෂක විධිවිධාන ක`දවුරු ස`දහා වෙන් කර තිබූ බව අනාවරණය වී ඇත.

මෙලෙස අනාවරණය වන්නේ, 2058 වසරේදී ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය ‘ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව’ Eastern Gateway of Sri Lanka වශයෙන් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින්, සිංගප්පූරුවේ සමාගමක් හා එක්ව සකස් කළ සැලසුම් වාර්තාවලිනි. ඉන් එක් වාර්තාවක් Detailed Master Plan and Implementation Report- (Consultancy Services for Trincomalee District Master Plan/ Stage Task Order 4 & 5 : Master Plan, Urban Design, & Implementation Plan Report-02-07-2018 යනුවෙන් නම් කර ඇති අතර, අනෙක් වර්තාව Trincomalee District master Plan-2018-2050-Executive Summary Report_2018.07.03 යනුවෙන් හ`දුන්වා ඇත.

‘ත‍්‍රිකුණාමලය-ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර දොරටුව’ ව්‍යාපෘතිය, මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ සංවර්ධන යෝජනාවකි. ඔවුන්ගේ ඉල්ලීම පරිදි එහි සැලසුම් සකස් කර ඇත්තේ  සිංගප්පූරුවේ Surbang Jurong consultants Pte. Ltd-Singapore නම් සමාගමකි. ඔවුන් මෙම වාර්තා 2018 ජූලි මස 02-03 යන දිනවල මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයට භාරදී ඇතැයි ස`දහන්ය. ඒ සම්බන්ධයෙන් උත්සවයක් ද, ඉකුත් මැයි මස 11 වැනි දා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබේ.

එහි ස`දහන් වන ආකාරයට නව වැඩපිළිවෙළ යටතේ ත‍්‍රිකුණාමලය වරාය ද ඇතුළු ගොඩබිම් මෙන්ම සමුද්‍රික කලාපයේ, ආර්ථික, සංචාරක, කෘෂිකාර්මික සහ ජලජීවී වගා, කර්මාන්ත, ඛනිජමය කර්මාන්ත ආදී වශයෙන් මහා සංවර්ධන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කෙරේ.

ඔවුන් ඉදිරිපත් කළ, Detailed Master Plan and Implementation Report-Trincomalee-Chapter 1-5 වාර්තාවේ, 23 වැනි පිටුවේ දැක්වෙන Special zone-01 නමින් හ`දුන්වා ඇති (රතු පැහැති හරස් ඉරි සහිත කොටස* ප‍්‍රදේශය මෙම යුද හෝ ආරක්ෂක ක`දවුරු ස`දහා වෙන් කෙරෙන භූමියයි. එය Military/Defence සදහා වෙන් කෙරෙන බව ද 23 වැනි පිටුවේ දක්වා ඇත. බැලූ බැල්මටම, සිතියමේ සදහන් Special zone-01 කලාපය දැවැන්ත එකකි. අනෙක, ත‍්‍රිකුණාමලය වරායේ ප‍්‍රධාන ආරක්ෂක මර්මස්ථාන ද එයට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කළ පරිසර ක‍්‍රියාකාරිකයෙක් පැවසුවේ, Special zone-01 කලාපය දළ වශයෙන් අක්කර 70,000ක් පමණ විශාල විය හැකි බවයි.  යෝජිත ආරක්ෂක ක`දවුරු කලාපය වෙන් කරන්නේ ශ‍්‍රී ලංකාවේ හමුදා ස`දහාද? නැතිනම් විදේශීය පාර්ශ්වයක් ස`දහා ද යන්න පැහැදිලි කර නොමැත. දකුණු ආසියාවේ බලය පැතිරවීම සඳහා සිංගප්පූරු සමාගම මාර්ගයෙන් ජපන් රජය මෙම වරායේ බලය ගන්නට සූදානම් වන බව යුද විශ්ලේෂකයින් අනාවරණය කර සිටිති. මෙම වසර තුළදී ජපානයේ නැව් ත‍්‍රිකුණාමලයට පැමිණීම හා ජපන් ආරක්ෂක ඇමැති ත‍්‍රිකුණාමල වරාය නිරීක්ෂණයට යාම මගින් එය තහවුරු වන බව යුද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

 ක්‍රිෂ්ණ විජේබණ්ඩාර – රිවිර

Related posts

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

මංගල සමරවීර සමග ඇති වූ වාදයකින් පසු සෙන්පති චාගි යාපනෙන් කොළඹට මාරු කරයි!

colombotoday

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවෙයි

colombotoday

20ට එරෙහි පෙත්සම් විභාගය අද ඇරඹේ

colombotoday

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

colombotoday

ඇලෝසියස්ට – පලිසේනට ප්‍රභූ සිරමැදිරියක්…

colombotoday