තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 257 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලු දෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ඒ මහතා සඳහන් කළේ.
මෙම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 13,227 දක්වා ඉහළ ගොස් ඇත.