Colombo Today Local News

ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි නිලධාරීන්ට ජනපතිගෙන් හා අගමැතිගෙන් උපදෙස්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාදක බලකාය රැස්වූ අවස්ථාවේදී ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ප්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට එම උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

පාසල්, රෝහල්, රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන සහ ඉදිකිරීමේ වැඩබිම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර පවිත්‍රතා කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කර තිබේ.

මේ අතර කොළඹ, රත්නපුර, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම වැඩි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Related posts

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

මොරගොල්ල වෙඩි තැබීමක් – අයෙක් මරුට

colombotoday

රජයේ රෝහල්වල ගිලන්රථ ටයර් නැතිව කොට උඩ. | වෙනත් රෝහලකට මාරු කිරීමේදී ඇතිවූ ප්‍රමාදයකින් රෝගියෙක් මරුට.

colombotoday

සිතුල්පව්ව මඟුල් මහා සෑය නිධන් හොරු බිදිති

colombotoday

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

Admin

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday