Colombo Today Local News

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

ranil maithripala

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ප‍්‍රකට ව්‍යාපාරික කේ. ඒ. වෑගපිටිය මහතා හා මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතා ඉවත් කිරීමට එම අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනකු ගත් උත්සාහය නිසා ඇතිව තිබෙන අර්බුදය තවමත් නිමා වී නොමැත.
වෑගපිටිය මහතා එම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළේ වත්මන් සභාපති ජනාධිපති සොයුරු කුමාරසිංහ මහතා පත් වීමෙන් අනතුරුවය.  කුමාරසිංහ මහතාගේ  හිතමිතුරු ව්‍යාපාරික වෑගපිටිය මහතා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලද්දේ ජනාධිපතිවරයා විසින්ය.
දින සියයේ ආණ්ඩුවේ විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා විසින් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට ක‍්‍රිෂාන්ත  කුරේ, නීතිඥ නිලන්ති පීරිස් හා ව්‍යාපාරික ෆාරුක් ෆයිරුස් යන අය පත් කළ අතර, ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස දිලීප විජේසුන්දර මහතා පත් කළේය.
මංගල සමරවීර මහතා විෂය භාර ඇමැති වූ වහාම, රාජපක්ෂවරුන් වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී ටෙලිකොම් ආයතනයේ මුදල්, වත්කම් හා සේවක පිරිස් යොදාගත් ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සිල්වා හා මොබිටෙල් ප‍්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ මහතා ඉවත් කිරීමට බලවත් උත්සාහයක් දැරීය
අවසානයේ දී ඉදිරි වසර ගණනාවක අදාළ වැටුප් හා දීමනා ලබා දී (කෝටි ගණනක මුදලක්)  ලලිත් සිල්වා ඉවත් කර ගැනීමට මංගල සමරවීර මහතාගේ අධ්‍යක්ෂවරුන් සමත් වුව ද රංජිත් රූබසිංහ මහතා ඉවත් කිරීමට දින සියය තුළ දී  අසමත් විය. ඒ සභාපතිවරයා ඔහු වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි.
සභාපතිවරයාට බරපතල විවේචනයක්
මෙසේ අධ්‍යක්ෂවරුන් ඉවත් කිරීමේ අර්බුදයේ දී සමාජ වෙබ් අඩවිවලින් ටෙලිකොම් සභාපතිවරයා හා ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළ අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපති පාර්ශ්වයේ ඇඟිල්ල දිගු වූයේ මංගල සමරවීර ඇමැතිවරයාට හිතවත් යයි පැවසෙන වෙබ් අඩවි කිහිපයකටය.
එම තොරතුරු වෙබ් අඩවිවලට ලබා දීම සම්බන්ධයෙන් සභාපතිවරයා ප‍්‍රසිද්ධියේම චෝදනා කළේ, මංගල සමරවීර මහතා විසින් මොබිටෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළ, ඔහුගේ පෞද්ගලික කාර්යමණ්ඩල ප‍්‍රධානී තුසිත හල්ලොලූව මහතාටය. ආණ්ඩු පෙරළියට විශාල දායකත්වයක් ලබා දුන් හල්ලොලූව මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු වන අතරම, කොළඹ පොහොර සමාගමේ සභාපතිවරයා ද වේ.
මේ අතර හල්ලොලූව මහතා ටෙලිකොම් සභාපති කුමාරසිංහ මහතාව අපහසුතාවට ලක් වන ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින බවට සභාපතිවරයාට හිතවත් පාර්ශ්ව චෝදනා කරති.
අගමැති ‘වැඩේ’ අතට ගනී !
මහ මැතිවරණයෙන් පසු විදුලි සංදේශ ඇමැතිවරයා ලෙස හරීන් ප‍්‍රනාන්දු මහතා පත් වූ අතර, ඔහු ජනාධිපතිවරයා හා මංගල සමරවීර මහතා විසින් පත් කරන ලද ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු ඉවත් නොකළේය.
මෙම අර්බුදයට මුල පිරුණේ පසුගිය ඔක්තෝබර් මස 09 වන සිකුරාදා ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි කොටස් හිමි මැලේසියානු මැක්සිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් කැඳවා  එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ව්‍යාපාරික වෑගපිටිය ඉවත් කරන ලෙසත්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් අනුබද්ධ මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ රංජිත් රූබසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙසත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දීමත් සමඟය.
එදින පස්වරුවේ ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවති අතර, එහි දී  එජාපය විසින් පත් කළ අධ්‍යක්ෂවරුන් හා මැක්සිස් අධ්‍යක්ෂවරුන් විසින් අගමැතිවරයාගේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී සභාපතිවරයා හා වෑගපිටිය  මහතා ඊට දැඩි ලෙස එරෙහි විය.
මෙසේ බලපෑම් කිරීම නිසා යහපාලන ආණ්ඩුව බිඳ වැටීමේ අවදානමක් ඇතැයි එහි දී දැඩිව පවසා ඇති සභාපතිවරයා, මෙම කාරණය සවිස්තරව ජනාධිපතිවරයාට දැනුම් දෙන බවට තර්ජනය කළ බව එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු පැවසීය.
මම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම මධ්‍යම රාත‍්‍රිය වන තෙක් දැඩි උණුසුම්කාරී ලෙස පැවති අතර, අධ්‍යක්ෂ මණ්ඩල රැුස්වීම් සඳහා විෂය භාර ඇමැතිවරයාට සම්බන්ධ විය නොහැකි නමුත් ගැටුම නිරාකරණය කිරීමට විෂය භාර අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මධ්‍යම රාත‍්‍රියේ කැඳවීමට මැක්සිස් අධ්‍යක්ෂවරුන්ට සිදු විය.
එහි දී අර්බුදය විසඳීම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට භාර දෙන බව පවසමින් ඇමැතිවරයා ඇඟ බේරා ගත්තේය.
ජනාධිපති කනස්සල්ලෙන් :
අනතුරුව වෑගපිටිය මහතා අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වීමට ලිපියක් බාර දී ඇතැයි වාර්තා වුව ද ඔහුගේ හිතවතුන් පවසන්නේ එසේ ඉල්ලා අස් නොවන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි.
මේ අතර, මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ රංජිත් රූබසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර ගැනීමට එජාප අධ්‍යක්ෂවරුන් සමත්ව ඇත.
තමන්ගේ සහෝදරයාට හා තමා විසින් පත් කළ වෑගපිටිය  මහතා සම්බන්ධයෙන් එජාප අධ්‍යක්ෂවරුන් කටයුතු කළ ආකාරය ගැන ජනාධිපතිවරයා බලවත් සේ කනස්සල්ලට පත්ව ඇති බවත්, ඔහු ඒ සම්බන්ධයෙන් එජාපය විසින් පත් කළ  අධ්‍යක්ෂවරයකුට අවවාද කර ඇති බවත් පැවසේ.
(සත්හඬ)

Related posts

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම්.

colombotoday

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

colombotoday

යුද අපරාධ චෝදනා නිරුත්තර කරන ‘විරුවන්ගේ විත්ති වාචකය‘ ගෝඨාට !

colombotoday