World

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

රුසියානු ව්‍යවස්ථාවට ගෞරව කරමින් 2024 දී තම තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


රුසියානු ව්‍යවස්ථාවට අනුව එක් අයකුට අඛණ්ඩව ධුර කාල තුනක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වන අතර වත්මන් ධුරකාලය අවසන් වූ පසු තනතුරෙන් ඉවත් වන බව රුසියානු ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ වත්මන් ධුර කාලය 2024 දී අවසන් වේ. 


රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පැවැති ආර්ථික සමුළුවක් අමතමින් රුසියා ජනාධිපතිවරයා මෙම කරුණු කීය. කෙසේ නමුත් බලය අත්හරින බවක් හෙතෙම අදහස් කළේ නැත.


ජනාධිපති පුටින් මේ ආකාරයෙන් 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් විය. පිට පිට තෙවරක් ජනාධිපතිධුරයට දැරීමට ඇති බාධාව නිසා හෙතෙම එලෙස 2008 වසරේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වුවද අතරමැද කාලයේදී රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය. 


පසුගිය මාර්තු මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් පුටින් පහසු ජයක් ලැබු අතර වසර හයක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒත් සමඟම ඔහු සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ට පසු රුසියාවේ දීර්ඝ කාලයක් බලයේ සිටි නායකයා බවට පත්විය. 


ව්ලැදිමීර් පුටින් පළමු වරට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ 2000 වසරේදීය. එතැන් පටන් 2008 දක්වා බලය හෙබවීය. පුටින්ට පසු ඔහුගේ සමීපතමයකු වන දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපතිධුරයට පත්වූ අතර 2012 වසරේදී නැවතත් ජනා
ධිපතිවරණයට තරග කළ පුටින් එහිදි ජය ලබමින් රුසියාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.


එම කාලයේදී හෙතෙම වසර 4ක් වූ ජනාධිපති ධුර කාලය වසර හයක් දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කළේය.                                       

රුසියානු ව්‍යවස්ථාවට අනුව පිට පිට තෙවරක් ජනාධිපතිධුරය දැරිය නොහැකි වුවත් එක් අයකුට ජනාධිපතිධුරය දැරිය හැකි නිශ්චිත අවස්ථාවක් ගණනක් දක්වා නොමැත.

Related posts

පවතින අවදානම සලකා කොවිඩ් සමයේදී ගැබ් ගැනීමෙන් වළකින්නැයි බ්‍රසීල රජය එරට කාන්තාවන්ගෙන් ඉල්ලයි

colombotoday

ISIS (ඉස්ලාම් රාජ්‍ය) විනාශ කරන්න ලෝකයම එකතුවන්න UN ආරක්‍ෂක මණ්ඩලයේදී ඒකච්ඡන්දයෙන් සම්මතයි

colombotoday

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

colombotoday

“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයි

colombotoday

කාබුල්හි නව තලේබාන් ආරක්‍ෂක ප්‍රධානියා අල්ලා දුන්නොත් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 5 ක්.

colombotoday

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

colombotoday