Colombo Today Local News

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

ලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම අවධානම් තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය  ආරම්භයේ සිට පසුගිය 22 වන දින තෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2 ක් වූවද ඉන්පසුව අද (26) දිනය වනවිට දින 3 ක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමෙන්ම මෙම වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යන භයානක තත්ත්වය වටහාගත හැකි බව වෛද්‍ය රත්නායක මහතා පෙන්වා දුන්නේය .

මේවනවිට හමුව ඇති අසාදිතයන් 12 දෙනාගෙන් දෙදෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර තවත් 8 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල අය වෙයි. අනෙක් දෙදෙනා මීට පෙර කටුපොතදී හඳුුුුුුුනාගත් ආසාදිතයන් දෙදෙනායි.

යුද හමුදා සාමාජිකයින් අලව්ව සහ මැල්සිරිපුර මඩහපොළ වන අතර නාවික හමුදා සාමාජිකයින් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත, කනත්තේවැව, අලව්ව, පොල්ගහවෙල පදිංචිකරුවන් වෙයි.

අද දිනයේ හඳුනාගත් තවත් ආසාදිතයෙකු මහව නාගොල්ලාගම පදිංචි නාවික සෙබළෙකු බවද අනාවරණය වූවා යැයි වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය .

මෙම  ආසාදිතයන් මේවනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය කුළ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම බරපතල තත්ත්වය වන බව අවධාරණය කරන වෛද්‍ය රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු අදාළ අංශ වලින් ප්‍රමාණවත් තරමට නොලැබීමද ගැටළුවක් බවත් පෙන්වා දුන්නේය.

Related posts

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

colombotoday

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වන බදු ඉහළට

colombotoday

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

colombotoday