Colombo Today Local News

අවලාද මැදින් ආණ්ඩුව ඉස්සරහට ආවේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

අවලාද හා අපහාස මධ්‍යයේ විවිධ අභියෝගවලට මුහුණදෙමින් දුෂ්කර මාවතක් ඔස්සේ ආණ්ඩුව සියලූ කැපකිරීම් කර ඉදිරියට පැමිණියේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කර දීම සඳහා යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (30 වැනිදා* හම්බන්තොට, වීරවිල පැවැති ජාතික යොවුන් පුරය සමාප්ති උළෙලේදී පැවසීය.


අතීතයේ ශී‍්‍ර ලංකාවට පිටුපසින් සිටි රටවල් වර්තමානය වන විට සංවර්ධනයවී ඉදිරියට පැමිණ තිබෙන බවත් ඒ තත්ත්වය වෙනස් කොට මින් මතු වෙනත් රටකට අපව පසුකොට ඉදිරියට යෑමට ඉඩ නොතබන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.


දස වැනි යොවුන් පුරය වීරවිල පශු සම්පත් භූමියේදී පැවැති අතර, ඊට රටේ සියලූම දිස්ති‍්‍රක් නියෝජනය කරමින් තරුණ තරුණියෝ 8000 ක් පමණ පැමිණ සිටියහ.


29 සහ 30 යන දිනවල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දිස්ති‍්‍රක් මට්ටමින් පිහිටුවා ඇති යොවුන් කඳවුරුවලට ගොස් තරුණ තරුණියන්ගේ කි‍්‍රයාකාරකම් පිළිබඳව සොයා බලමින් ඔවුන් සමඟ සුහද හා මිත‍්‍රශීලීව කටයුතු කිරීම බොහෝදෙනෙක්ගේ පැසසුමට ලක් විය.


ජාතික යොවුන් පුරය සමාප්ති උළෙල අමතා තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.

Ranil22222


ජාතික තරුණ සේවා සභාවට 50 වසරක් ගතවීම නිමිත්තෙන් මුද්‍රණය කළ සමරු මුද්දරයත් කවරයත් අද දිනයේ මට භාර දුන්නා. එය මට පළමුවෙන් භාර දුන්නේ පළමු යොවුන්පුර වැඩසටහනට සහභාගි වූ ගම්පහ යොවුන් සමාජයේ රංජිත් ආරියරත්න මහතා වීම විශේෂත්වයක්.

මේ යොවුන් පුරයට තරුණ අදහස්, තරුණ බලාපොරොත්තු, තරුණ සිහින, තරුණ ගැටලූ ආදී සියල්ලම ගොනු වී තිබෙනවා. මෙහිදී අපි ඒවා පිළිබඳ සාකච්ඡුා කරනවා. එය තරුණ ඔබගේ අනාගතයට ඉතා වැදගත්. අද දිනයේ මෙම යොවුන් පුරය ඔබේ අනාගතය නිර්මාණය කරන හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අපි තීරණය කළේ එම නිසයි. තරුණ ඔබට ජීවත් වීම සඳහා හොඳ අනාගතයක් අවශ්‍ය වෙනවා.

අපේ දෙමවුපියන් තරුණ අවධියේදී මෙ රටට නිදහස ලැබෙන කාලයේ සංවර්ධනය අතින් අපි ආසියාව තුළ ජපානය සමග කරට කර සිටියා. ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති වන විට අපට ඉදිරියෙන් කොරියාව, සිංගප්පූරුව සහ මැලේසියාව සිටියා. අපි සංවර්ධනය වෙනුවෙන් වූ තරඟය තුළ තරමක් පසුබෑමකට ලක්ව සිටියා. එම නිසා අපේ ආර්ථිකය විවෘත කිරීමට එදා අපි තීරණය කළා. නමුත් රට තුළ යුද්ධයක් ඇති වුණා. 2001 වසරේ අපි රට භාර ගන්නා විට බංගලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල් සිටියේ ශී‍්‍ර ලංකාවට පිටුපසින්.

නමුත් අවාසනාවකට මෙවර අපි බලයට පත් වන විට මීට පෙර සිටි පාලකයන්ගේ කාලය තුළදී එම රටවල් ශ‍්‍රී ලංකාව අභිබවා ගොස් සංවර්ධනය ළඟා කර ගෙන තිබෙනවා. අද ඔවුන්ගේ ධනය වැඩි වී තිබෙනවා. එම රටවල්වල ජනතාවට අපේ රටේ ජනතාවට වඩා සුරක්ෂිත භාවයක් ඇතිවී තිබෙනවා. එම නිසා 2015 දී අප බලය ගන්නා විට ඒ සංවර්ධනය වීම සඳහා ශී‍්‍ර ලංකාවට ඇති අවසානම අවස්ථාව මෙය බව අප තීරණය කළා. මෙම අවස්ථාවේ රට ගොඩගන්නේ නැත්නම් රට තවත් අගාධයට වැටෙන බව අප එදා තේරුම් ගත්තා. එම නිසා රටේ ආර්ථිකය තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට අපි කටයුතු කළා.

2017 වසරේදී නැව් නැති හම්බන්තොට වරාය ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්ව කි‍්‍රයාත්මක වන ඒකාබද්ධ සමාගමට භාර දුන්නා. අද මම හම්බන්තොට වරාය නිරීක්ෂණය කරන විට ඉන්දියාවේ සිට මැදපෙරදිග, දකුණු අමෙරිකාව ආදී රටවල් වලට ප‍්‍රතිඅපනයන කිරීම සඳහා ගෙන්වන වාහන ගෙන්වන බව දුටුවා. එවැනි විශාල දියුණුවක් අද හම්බන්තොට වරාය අත්කර ගෙන තිබෙනවා. ඉදිරියේදී හම්බන්තොට වරාය කලාපීය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. විවිධ වාහන විවිධ භාණ්ඩ මෙම වරායට අපනයනය කරනවා.

එවිට මියන්මාරය, මැලේසියාව වැනි මෙම කලාපීය රටවල මිනිසුන්ට මෙම වරායට පැමිණ තමන් කැමැති ව්‍යාපාරයක් මිලදී රැුගෙන යාමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ලාෆ් ගෑස් සමාගමේ එල්. පී. ගෑස් ගබඩාව නිරීක්ෂණය සඳහා මම ගියා. එය ඉන්දියානු කලාපය තුළ තිබෙන විශාලතම සහ නවීනතම එල්. පී. ගෑස් ගබඩාවයි. මෙවැනි නවීන එල්. පී. ජී ගෑස් ගබඩාවක් ඉන්දියාවේ පවා නොමැති බව පැවසිය යුතුයි. පසුගිය සතියේ හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. මීට පෙර ලංකාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කළේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ වසරේදීයි. ඒ 1967 දීය. ඉන් පසුව ශී‍්‍ර ලංකාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කළේ වසර 60 කට පසුවයි. එයත් අපේ යහපාලන ආණ්ඩුව යටතේවීම විශේෂත්වයක්.

මෙම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කළේ අපනයන කටයුතු සඳහායි. ඒ වගේම විශාල සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටත් අපි කටයුතු කළා. ඒ වගේම එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඉදි කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. මත්තල ගුවන්තොටුපළ ශ‍්‍රී ලංකා, ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරී ඒකාබද්ධව පාලනය කිරීමට අවශ්‍ය කටයුතු අප සකස් කර තිබෙනවා. එවැනි විශාල පරිවර්තනයක් අපි මේ ප‍්‍රදේශයට ගෙන එනවා. අක්කර 5000 කින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම වෙළඳ කලාපය අපි හම්බන්තොට ආරම්භ කරනවා. ඉන් පසුව මොණරාගලත් වෙළෙඳ කලාපයක් ආරම්භ කරනවා.

බිංගිරිය අයෝජන කලාපයේ වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි පළමු අදියර මේ වනවිට අවසන් වී තිබෙනවා. ‘‘ස්මාර්ට් ෂර්ට්” ආයතනය ඩොලර් මිලියන 100 ක කර්මාන්ත ශාලාවක් එහි ආරම්භ කරනවා.
නුවර සිට කොළඹ දක්වා නව අධිවේගී මාර්ගයක් ඉදිකරනවා. කොළඹ සිට වරාය දක්වා නව මහා මාර්ගයක් ඉදිකරනවා. රාජගිරිය සිට කුලූනු මතින් දිවෙන මාර්ගයක් ඉදිකරනවා. සැහැල්ලූ දුම්රිය සේවාවක් ආරම්භ කරනවා. 2022 පමණ සිට නුවර සිට හම්බන්තොටටත්, කොළඹ ප‍්‍රදේශය තුළත් නව මාර්ග පද්ධතියක් ඉදිවෙනවා.

මේ ආකාරයට අපි රටේ ආර්ථික පරිවර්තනය ආරම්භ කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් නව හෝටල්, සංචාරක කලාප ඉදිවෙමින් තිබෙනවා. ඇතැම් අය අද වනවිට ‘‘හෝම් ස්ටේ” වැඩසටහන හරහා සංචාරකයන්ට නවාතැන් ලබා දීම සිදු කරනවා.

ඒ වගේම රට තුළ ඩිජිටල්කරණය ඇති කරනවා. එවිට අපනයන සහ අනෙකුත් සේවා තොරතුරු තාක්ෂණය හරහා දෙගුණයකින් තුන් ගුණයකින් පමණ වැඩි වෙනවා. ඒ සඳහා අවශ්‍ය ශිල්පීය පුහුණු කිරීම මේ වනවිට සිදුවෙමින් පවතිනවා. රටේ ධීවර අපනයනය ද වැඩි වෙමින් තිබෙන බව පැවසිය යුතුයි.

මේ ආර්ථික වර්ධන වේගය තවත් වසර 05 ක් 06 ක් අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් ආසියාවේ අනෙක් රටවල් පසුකර සංවර්ධනය කරා ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. එවිට අපේ රටේ ජනතාවට හොඳ අනාගතයක් නිර්මාණය වෙනවා.
කොළඹ වරාය විශාල කිරීමටත්, දකුණු වරායේ නව පර්යන්ත ඉදිකිරීමටත් කටයුතු සැලසුම් කර තිබෙනවා. කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපොළ මේ ආදී සියල්ල දියුණු කිරීමට අප කටයුතු කරනවා. මේ ඔබේ අනාගතයයි. මේ සංවර්ධනය අපි ආරක්ෂා කර ගන්නවා නම් ඉදිරියට යනවා නම් ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවා. ආර්ථිකමය, සමාජීය, අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති වෙනවා.

අද රටතුළ අධ්‍යාපනික ක්‍ෂේත‍්‍රයේ විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා. වසර 13 ක පාසැල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, ද්විතික මට්ටමේ අධ්‍යාපනය තුළ වෘත්තීය දැනුම ලබාදීම, අධ්‍යාපන විද්‍යා පීඨවලින් මේ වසර තුළ පමණක් ඩිප්ලෝමාධාරීන් 10000 ක් ගුරු සේවයට බඳවා ගැනීම වැනි විශාල වැඩ කොටසක් අප සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේ‍්‍රමදාස, අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි, දකුණු පළාත් සභා විපක්ෂනායක එස්. තෙන්නකෝන් නිලමේ, තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ප‍්‍රමුඛ දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

Related posts

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ධීවරයින් අත්අඩංගුවට ගැනීම තමිල්නාඩු මහ ඇමති හෙළාදකි – ධීවර ගැටලු ගැන ඉන්දීය අගමැතිට ලිපියක්

colombotoday

මහයියාවට සංචරණ සීමා

colombotoday

මන්ත්‍රීලාට වාහන දෙන යෝජනාවට අත්සන් කොකරන හේතුව පාර්ලිමේන්තු කටයුතු ලේකම් හෙළිකරයි

colombotoday

අමෙරිකාව වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි? කෙස් කෙලින් වෙන හෙළිදරව්ව මෙන්න( Video)

colombotoday

පැමිණිලි 108ක් ලැබී ඇති තාත්තයි-පුතයි, බෑණයි බුර්කාවකින් සැරසී වෙස් වලාගත් දුවලා දෙන්නයි රිමාන්ඩ්

colombotoday

ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කෙරේ

colombotoday