Colombo Today Local News

සැඟවා ඇති සීනි තොග සොයා පාලන මිලට විකිණීමට තීරණයක්

නීතිවිරෝධි ලෙස සඟවා තබා ගෙන ඇති සීනි තොග සිය භාරයට ගෙන පාලන මිල යටතේ ජනතාවට බෙදා හැරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරීය පවසයි.

පාරිභෝගික පනත යටතේ ඒ සඳහා ප්‍රතිපාදන පවතින බව එම අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව, සීනි තොග සඟවා ඇති ස්ථාන හඳුනා ගැනීමට දීප ව්‍යාප්තව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ(14) දිනයේ පෑලියගොඩදි එවැනි ගබඩාවකට මුද්‍රා තබා ඇති අතර එහි තිබූ සීනි තොගයේ බර මෙට්‍රික් ටොන් 270 කි.

මේ අතර පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ ස්ථානයක් ද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි වටලා තිබේ.

එහි තිබූ සීනි මෙට්‍රික් ටොන් 05ක් ද සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

පසුගිය දින කිහිපයේදි පාලන මිල ඉක්මවා සීනි අලෙවි කළ ස්ථාන 300කට අධික සංඛ්‍යාවකට එරෙහිව පසුගිය දින කිහිපයේදි නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

වෙළඳපොළේ සීනි හිඟයක් ඇතිවූයේ ආනයනික සීනි කිලෝග්‍රෑමයක් මත පැවති සත 25 ක බද්ද රුපියල් 50 දක්වා මේ මස පළමු වැනිදා සිට ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය පියවර ගැනීමත් සමගයි.

ඒ, වන විට රට තුළට ආනයනය කර තිබූ සීනි මිල ඉහළ යෑම වැළැක්වීමේ පියවරක් ලෙස සීනි සඳහා උපරීම සිල්ලර මිලක් පැනවීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මුදල් ආමාත්‍යංශය පියවර ගත්තේ ය.

එම නිවේදනයට අනුව පැකට් නොකළ සුදු සීනි කිලෝග්‍රැමයක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් ලෙසත් පැකට් නොකළ දුඹුරු සිනි කිලෝග්‍රෑමයක් රුපියල් 330කට අළෙවි කළ යුතුයි.

Related posts

සම්ප්‍රදායට පිටුපාමින් වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොදා ගැනීම සිදුනොවිය යුත්තක් – මල්වතු පාර්ශවය

colombotoday

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday