Colombo Today Local News

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස පොළොන්නරුව ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය කන්නවල දී ඉහළ අස්වැන්නක් ලැබුණු බැවින් සහල් හිඟයක් මවාපෑමට දරණ උත්සාහයට ඉඩ නොදිය යුතු බව ගොවීන් පෙන්වාදෙන්නේය.

පොදුජන පෙරමුණේ මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අද (05)දින පෙරවරුවේ පොළොන්නරුව සිරිපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ගොවීන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

විනාශ වෙමින් පැවති සහල් ගබඩා රජය පත්වීමෙන් පසු ප්‍රතිසංස්කරණය කිරීමටත්, වී මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් පියවර ගත් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඉදිරියේදී වී ගොවියා ද රැකගනිමින් ගැටලුවක් නොවන ආකාරයෙන් කටයුතු කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර ඇත.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක පවතින ගුරු හිඟය සහ පාසල්වල අඩුපාඩු පිළිබඳ පොළොන්නරුවේ ජනතාව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර තිබේ.

ඒ පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල්වල පවතින අඩුපාඩුවල පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කුඩා පරිමාණව මැණික් ගැරීමේ නිරත ඇලහැර ජනතාවට පරිසරයට හානී නොවන අයුරින් සිය කර්මාන්තය කරගෙන යාමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

Related posts

ජනපතිගේ සංහිදියා වැඩේට මුස්ලිම් නායකයන්ගේ උපරිම සහය…

colombotoday

ආනයනික පළමු සහල් තොගය හෙට මෙරටට. – සියට අඩුවෙන් දෙනවා. ඇමති බන්දුල කියයි.

colombotoday

“ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ ආණ්ඩුව ණය ගන්නවා කියන්නේ පට්ටපල් බොරුවක්” – හිටපු ජනපති

colombotoday

මහ මැතිවරණ මෙහෙයුමට බැසිල් දිවයිනට !

colombotoday

මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. – රවී කරුණනායක පවසයි

colombotoday

රටට ආදරය කරන, දේශීයත්වය අගයන, දූෂණයෙන් තොර අගමැතිවරයෙක් අවශ්‍යයි….

colombotoday