Colombo Today Local News

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වේ !

ආචාර්ය දීපිකා උඩගම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබේ.ලබන සැප්තැම්බර් 01 දා සිට එම ඉවත්වීම බලාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඇය විසින් එවා තිබූ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයනාංශයේ ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියදී ආචාර්ය දීපිකා උඩගම මෙම තනතුරට වර්ෂ 2015දී පත් කරන ලදී. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව එහි සභාපති 8 වන පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ තත්ත්වය ඉහළ නැංවීමට සභාපතිනිය ලෙස ඇය විසින් ඉටුකළ මෙහෙය බෙහෙවින් ඇගයීමට ලක්ව ඇත. 

පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉහළ තත්ත්වයකට පත් වූ බවත්, ඒ සඳහා ආචාර්ය දීපිකා උඩගම විසින් ඉටුකළ කාර්යභාර්ය සුවිශේෂී බවත් සභාපති කරු ජයසුරිය සඳහන් කර ඇත.

එම රැස්වීම කරු ජයසුරිය සභාපතිත්වය දැරූ අවසාන ව්‍යවස්ථා දායක සභා රැස්වීම ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතය. ඒ ඉදිරි මහ මැතිවරණයෙන් පසු නව කථානායකවරයකු යටතේ ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත හෙයිනි.

Related posts

ජනපති විල්පත්තුව ගැන ගත් තීරණයම ගනී.. නකල්ස් රක්ෂිතය පිළිබදව කැබිනට් මණ්ඩලයට උපදේශයක්

colombotoday

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

වව්නියාව මණ්ඩපය දින නියමයක් නැතිව වසා දැමේ… සිංහල සිසුන් ආරක්ෂාව ඉල්ලයි

colombotoday

රටට අනාගතයක් හදන්න, “දැයම එක රොදකට සිව් හෙළේ මහා සමුළුව” ජූලි 7 මහනුවරදී

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday

ඊශ්‍රායලයේ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයින් ගැන තීරණයක්

Admin