Colombo Today Local News

ශානිලා, නිශාන්තලා රජ කළ රහස් පොලිසිය ඉදිරිපිට මහ දවල් මල්වර වූ ගානියා බැනිස්ටර්

nisha2

ස්විස් නාටකයේ අලූත්ම තත්ත්වය මෙන්න
 
මල්වර වූ දියණියක නිවසට වී සිටි කාලය නිමාවේ ඇගේ මව විසින් රෙදිකඩකින් වසා නාවන්නට රැගෙන යන සිංහල සංස්කෘතියට උරුම වූ සුබ දසුන මෙරට සමාජයේ බොහෝ දෙනා ජීවිතයේ එක්වරක් හෝ දැක ඇතුවාට සැක නැත.
 
 සජීවීව නොවේ නම් සිනමා පටයකින් හෝ අපි එය දැක ඇත්තෙමු. කෙසේ වෙතත් මෙවැන්නක් දැක්ක නොදැක්ක සියලූ දෙනාට ඉකුත් සතියේ එසේ යැයි හැෙ`ගන දසුනක් හොඳින්ම දැක බලා ගැනීමේ අවස්ථාව හිමි විය.
 
 ඒ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය අසලදීය. ස්විස් ජාතික තඩි මහත සුදු ගැහැණියක් මල්වර වූ යුවතියක රැගෙන යන පරිදි රෙදි කඩකින් වසා ඉතා ආයාසයෙන් කාන්තාවක් වෛද්‍ය නිලධාරී වෙත ගෙන ඒමට කි‍්‍රයා කිරීම එකී දර්ශනය විය.
 
 මල්වර වූ යුවතිය යනු අපේ සංස්කෘතියට අනුව සුබය. එහෙත් මෙහිදී සැවොම දුටුවේ එවන් සුබ දසුනක් නම් නොවූහ. කවුරුත් දැක්කේ මේ රටේ ඉපදී උපන් බිම වනසන්නට වෙහෙසෙමින් පට්ට ප`දුරු බොරුවක් ගොතා රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කළ කට්ට වෙට්ට පිත්තල ගැහැණියක වූ ස්විස් අක්කා හෙවත් ගාලියා බැනිස්ටර් ප‍්‍රැන්සිස්වය.
 
 මේ වන විට කවුරුත් හªනන ස්විස් අක්කාට එසේ සුදු ගැහැණියකට තුරුළු වී රෙදිකඩකින් හිස වසාගෙන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට එන්නට වූයේ කුමක් නිසාද?
 
 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ ගෝලයා වූ නිශාන්ත සිල්වා කන්දප්පා මෙරට සිට ස්විට්සර්ලන්තයට පැන ගියේ ඉකුත් නොවැම්බර් මස 24 වැනිදාය.
 
 ඒ පලා යෑමත් සමග කි‍්‍රයාත්මක වූ ගාලියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් නම් වූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ මේ ගැහැණිය ඉකුත් නොවැම්බර් මස 26 වැනිදා සුදු පැහැති රයකින් පැමිණි පිරිසක් තමන්ව පැහැරගෙන ගියේ යැයි කියමින් රටම අපකීර්තියට පත් කළ කතාව කියන්නට වූවාය.
 
ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ රටේ ජනාධිපති වී දින දහයක් ගත වන්නටත් මත්තෙන් ශී‍්‍ර ලංකා රජය අපකීර්තියට පත් කරමින් ඇය කී මේ කතාවේදී ස`දහන් කළ විශේෂිත කරුණක් වූයේ පැහැරගත්තවුන් තමන්ට පහරදී අතවර කළේ යැයි යන්නය.
 
ගානියා බැනිස්ටර්ගේ මේ කතාව පැමිණිල්ලක් ලෙස ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යංශය හරහා ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කෙරෙද්දී ඇගේ අනන්‍යතාව හෙළි කරන්නට ස්විට්සර්ලන්තය කටයුතු කළේ නැත.
 
 පැමිණිල්ල කිරීමෙන් පසු ඉකුත් 27-28 වැනිදා පමණ වන විට ගානියා බැනිස්ටර් ස්විට්සර්ලන්තයට පිටත් කර යවා නිශාන්ත සිල්වා කන්දප්පාට සම්බන්ධ කිරීම මෙහිදී ඉලක්කය වීම තානාපති නිලධාරීන් එසේ ඇගේ අනන්‍යතාව හෙළි නොකිරීමට හේතු වූවා ද විය හැකිය.
 
 එසේ කිරීමෙන් පසු ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජීනීවා මානව හිමිකම් සැසිවාරයේදී ගෝඨාභය රාජපක්‍ෂ රජයට එරෙහිව බරපතළ චෝදනාවක් මතු කිරීම මේ කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන අරමුණ වී තිබෙන්නට ඇත.
 
 එහෙත් ඇගේ අනන්‍යතාව හෙළි නොකිරීමට ස්විට්සර්ලන්තය සහ ශී‍්‍ර ලංකාවේ ස්විස් තානාපති හාන්ස් පීටර් මහතා කටයුතු කළද මිනිස් ඝාතනයක් සිදුවුවහොත් කිසියම් හෝ සාක්‍ෂියක් ඉතිරි වන්නේ යැයි කියන්නාක් මෙන් මේ පිංබිමට එරෙහිව සිදු කළ කුමන්ත‍්‍රණයේදී ස්විට්සර්ලන්ත තානාපතිවරයාට ද වැරදුණු තැනක් තිබිණි.
 
 තානාපති කාර්යාලයේ සේවිකාවක වූ මේ ගැහැණිය පැහැරගෙන තිබෙන්නේ සිය දරුවන්ගේ පාසලට ගොස් එන අතරතුර බව තානාපතිවරයා කළ පැමිණිල්ලේ ස`දහන් වීම එසේ කුරුමාණම වැරදී ගිය තැන විය.
 
 මේ අනාවරණයත් සමග වහාම කි‍්‍රයාත්මක වූ පොලිසිය අදාළ පාසලට ගියේය. එහි අධ්‍යාපනය හදාරන දරුවකුගේ මවක් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන්නේදැයි සොයා බැලීය.
 
 ස්විට්සර්ලන්ත රජය සහ තානාපතිවරයා ද නොසිතූ ලෙස මෙහිදී ගානියා බැනිස්ටර් කියන නම පමණක් නොව ඇගේ දුරකථන අංකය ද සොයා ගන්නට පොලිසිය සමත් විය.
 
 ඇතැම් විට පොලිසියට එය නොහැකි වූවා නම් මේ වන විට ගානියා බැනිස්ටර් සිටින්නේ ස්විට්සර්ලන්තයේය. සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරය. එහෙත් රටේ වාසනාවකට එය එසේ සිදු නොවිණි.
 
 

nisha3

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් දෙයක්ද ඇත. ඒ පසුගිය කාලයේ සීඅයිඞීය තිබුණු තැන පිළිබඳවය. ගානියා බැනිස්ටර් මේ ප‍්‍රබන්ධය ගොතන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙස ශානි අබේසේකර කටයුතු කළේ නම් මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබුණකි.
 
 එසේ වූයේ නම් කොහේ හෝ සිටින එකෙක් කුදලාගෙන පැමිණ හො`දින් හෝ නරකින් රජයේ සාක්‍ෂියක් නිර්මාණය කරන ශානි අබේසේකර සියලූ දෙනා අන්දවා ගානියා බැනිස්ටර්ගේ කතාව බොරුවක් හෝ ඇත්ත යැයි අතේ පැළ කර පෙන්වනු ඇත.
 
 අප එසේ කියන්නේ පසුගිය කාලයේ සීඅයිඞීය සිදු කළ සෑම විමර්ශනයකදීම ඉන් එහා දෙයක් සිදු නොවූ නිසාය. ශානි අබේසේකරගේ විමර්ශන ඉතිහාසයම රැ`දී තිබෙන්නේ රජයේ සාක්‍ෂි මත බව ඒ පිළිබ`ද විමසීමෙන් බැලීමේදී පෙනී යන්නකි. එහෙත් එවන් විමර්ශන ශානි අබේසේකරාලට වලංගු වූවාට ලෝකයට වලංගු නැත.
 
 පසුගිය කාලයේ සීඅයිඞීය සිදු කළ විමර්ශන අනුව සිරබත උරුම වූ මිනිසුන් දෙස බැලීමේදී ඒ සියල්ල එලොවටත් මෙලොවටත් නැති දෙලොවදීම ඵල දෙන ඒවා බව සීඅයිඞීයේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට මතු දිනයක නියත වශයෙන්ම වැටහී යනු ඇත.
 
 එය කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් අනන්‍යතාව හෙළි නොකර පැහැරගත්තේ යැයි කී ගැහැණිය ගානියා බැනිස්ටර් බව ශී‍්‍ර ලංකා පොලිසිය හෙළි කර ගැනීමත් සම`ග අන්දුන් කුන්දුන් වූ තානාපතිවරයා කියන්නට වූයේ ගානියා බැනිස්ටර් අසනීපව සිටින බැවින් ඇය සහ පවුලේ අය කඩිනමින් ස්විට්සර්ලන්තයට රැගෙන යෑමට අවශ්‍ය බවකි.
 
 ඔහු එසේ කීවද හාන්ස් පීටර්ගේ එකී බොළ`ද කතා අසන්නට එහිදී ශී‍්‍ර ලංකා රජය සූදානම් නොවීය. හදුනාගත් දුරකථන අංකය හරහා පැහැරගත්තේ යැයි කී ගානියා බැනිස්ටර්ගේ ප‍්‍රබන්ධයේ සියලූ තොරතුරු ඒ වන විට පොලිසිය හෙළි කරගෙන තිබිණි.
 
එනිසා රජයේ ස්ථාවරය වූයේ ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබාදිය යුතු බවය. මුලදී එය ම`ගහැර සිටීමට ස්විට්සර්ලන්ත තානාපතිවරයා සහ ගානියා බැනිස්ටර් කටයුතු ලැබීය. ඒ පැහැර හැරීම සිදු කිරීමට ඔවුන් නොගත් උත්සාහයක්ද නැත.
 
 අවසානයේ තානාපති කාර්යාලයේ මේ හැසිරීම හමුවේ වහම කි5යාත්මක වූ පොලිසිය කළේ ගානියා බැනිස්ටර්ට ඉකුත් නව වැනිදා දක්වා විදේශ ගමන් තහනමක් පනවමින් එදිනට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ නියෝගයක් ලබා ගැනීමය.
 
ඒ අනුව අවසානයේ ඉකුත් ඉරිදා (08 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වී ප‍්‍රකාශයක් ලබා දෙන්නට ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස්ට සිදු විය. ඒ වන විට ඇය සිය ප‍්‍රබන්ධය හමුවේ හො`දටෝම කලබලයට පත්ව සිටින බවක්ද එහිදී දැක ගන්නට ලැබුණකි.
 
 මෙසේ ගානියා බැනිස්ටර් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි දිනයේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීන් සම`ග මෙරට පුද්ගලයන් තිදෙනකුද එහි පැමිණ සිටියේය.
 
 ඉන් එක් අයකු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ නීතිඥ උපුල් කුමරප්පෙරුමය. අනෙක් පුද්ගලයා රජයේ හිටපු ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනය. තෙවැන්නා මංජුල පෙරේරා නම් පුද්ගලයකු විය.
 
 මෑත ඉතිහාසය බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය තිබුණේ මේ රටට එරෙහි වූ පිළිගත නොහැකි කුහක තැනක බව අමුතුවෙන් කිවයුතු නොවන්නකි.
 
 යහපාලනය තුළදී මෙන්ම අවසානයට බලයේ සිටි එජාපෙ පාලනය තුළදී ද මේ රට අන්තිම අගාධයට ඇද වැටෙද්දීත් ජනතා විමුක්ති පෙරමුණ කළේ කසාය බිව් ගොලූවාගේ චරිතයට පණ දීමය. ඉන් එහා සිදු වූ දෙයක් නැත.
 
 ජවිපෙයේ එකී දේශපාලනය මේ මොහොත වන විට සියයට තුනක ප‍්‍රතිශතයකට ලඝු වී තිබෙන්නකි. නීතිඥ උපුල් කුමරප්පෙරුම ජාතික ලැයිස්තුවට ඇතුළත් වී සිටියේ ඒ ජවිපෙ දේශපාලනය තුළය.
 
 එසේම නීතිඥ සුදර්ශන ගුණවර්ධන රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයාව සිටියදී මේ රටේ ජනමාධ්‍ය ඇමැති වූයේ මංගල සමරවීරය. මංගල සමරවීර යනු පසුගිය කාලයේ ජිනීවාහි 30/1 යෝජනාවලියට රහසේ අත්සන් තැබීමට කටයුතු සළසමින් රට පාවාදුන් සහ ප‍්‍රසිද්ධියේ මහා සංඝරත්නයට අපහාස කළ මේ රටේ තවත් දේශපාලන අපතයකු බව අද රටේ මිනිස්සු කියතිි.
 
 ඒ අනුව බලන විට මේ තිදෙනා අතරින් උපුල් කුමරප්පෙරුම සහ සුදර්ශන ගුණවර්ධනගේ පැමිණීම පිළිබ`ද අපට ද ප‍්‍රශ්න ඇත. එහෙත් එසේ ප‍්‍රශ්න තිබුණ ද අපි ඒ පිළිබඳ ප‍්‍රශ්න නොකරන්නෙමු. මන්ද ඔවුන් වෘත්තියෙන් නීතිඥවරුන් වන නිසාය. ඔවුන්ට එසේ පෙනී සිටීමේ වෘත්තීයමය අයිතිවාසිකමක් තිබෙන නිසාය.
 
 එය එසේ වුවද මෙහිදී ගැටලූවක් බවට පත්වූයේ ස්විස් තානාපති නිලධාරීන් සමග එක්ව එහි ආ මංජුල පෙරේරාගේ පැමිණීමය. ඔහු එහිදී පෙනී සිටියේ ගානියා බැනිස්ටර්ගේ ප‍්‍රකාශකයා ලෙසිනි. එසේ පෙනී සිටිමින් බරපතළ ලෙස මාධ්‍යවේදීන් රැවටීමකට ලක් කිරීමට ද හෙතෙම කටයුතු කළේය.
 
 එකී රැවටීම නිසාම ඔහු හඹා ගිය මාධ්‍යවේදීන් අවසානයේ අනාවරණය කරගත් විශේෂිත කරුණු වූයේ මේ මංජුල පෙරේරා යනු කැලණිය එක්සත් ජාතික පක්‍ෂ සංවිධායක බෙවන් පෙරේරාගේ පුත‍්‍රයා යන්නය.
 
 මේ රටට එරෙහිව ලියැවී තිබුණු ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර්ගේ තිර පිටපතේ සිටි ප‍්‍රධාන නිළිය වූ ගානියා බැනිස්ටර් එළියට ඒමත් සම`ග මේ කුමන්ත‍්‍රණය පසුපස තිබූ එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ අවශේෂ කොන් කෑලි ද හෙළි වන්නට වූයේ ඒ අන්දමටය.
 
 මේ අතරේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වූ ගානියා බැනිස්ටර්ව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමට එහි නිලධාරීහු කටයුතු කළහ. තමන් පැහැරගත් මොහොතේ පහර දෙමින් ලිංගික අතවර කළ බවට ඇය කර තිබූ ප‍්‍රකාශය එයට හේතුව විය.
 
 මෙසේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කළ මුල් අවස්ථාවේ හිරි ඔතප් බිෙ`ද්වි යැයි සැක සිතුණු නිසාදෝ කාන්තා වෛද්‍යවරියක නොමැතිව පරීක්‍ෂණවලට මුහුණ දීම ඇය ප‍්‍රතික්‍ෂේප කළාය.
 
 ඒ අනුව ඉකුත් නව වැනිදා අධිකරණයට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඒ පිළිබ`ද අධිකරණයට කරුණු වාර්තා කළහ. එහිදී අධිකරණයේ තීරණය වූයේ ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයට පෙනී සිටිය යුතු බවය.
 
 ගෙට වුණ ළමිස්සී මෙන් ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස්ට ලෝකය ඉදිරියේ රෙදි කඩකින් හිස වසාගෙන ස්විස් ජාතික කාන්තාවක බදාගනිමින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත එන්නට වූයේ ඒ අනුවය.
 
 දැන් ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයට පෙනී සිට අවසන්ය. රාජිත සේනාරත්න ඇගේ කටට එබුවැයි කී පිස්තෝලයේ සලකුණක් තබා නියපිටින් පහරක් වැදුණු බවක්වත් එකී වෛද්‍ය පරීක්‍ෂණයේදී හෙළි වී නොමැති බව දැනගැනීමට තිබෙන්නකි.
 
 ඒ අනුව ගානියා බැනිස්ටර්ගේ කතාව සම්පූර්ණයෙන්ම ශී‍්‍ර ලංකා රජය අපකීර්තියට පත් කිරීම ස`දහා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් සහ මෙරට ද්‍රෝහීන් එක්ව ගොතන ලද අමු මුසාවාදයක් බව මේ මොහොත වන විට හෙළි වී අවසන්වය.
 
 රාජ්‍යතාන්ති‍්‍රක නිලධාරියකු ලෙස ස්විට්සර්ලන්ත තානාපතිවරයා මෙවන් කුමන්ත‍්‍රණයක් සිදු කරමින් ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තරයට අත තැබීම බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් මේ කුමන්ත‍්‍රණයේ සියලූ වගකීම් ස්විට්සර්ලන්ත රජය සහ මෙරට ස්විස් තානාපති හාන්ස් පීටර් භාරගත යුතුය.
 
 එම වගකීමෙන් ස්විට්සර්ලන්ත රජය හා තානාපති හාන්ස් පීටර් බේරාගන්නට නම් අපේ වැටහීමේ හැටියට ඒ ස`දහා සිටින එකම සහ සුදුසුම පුද්ගලයා වන්නේ හිටපු ඇමැති රාජිත සේනාරත්නය. අපට සිතෙන පරිදි නම් පවතින බරපතළ තත්ත්වය හමුවේ ඔහු දැන් යළිත් මාධ්‍ය හමුවක් පැවැත්විය යුතුය.
 
 එහිදී මාධ්‍ය ඉදිරියට ඒමට පෙර වගකීම් සහිතව අදහස් දක්වනු ස`දහා ගානියා බැනිස්ටර්ගේ ආච්චී සම`ග සහ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය සිදු කළ දොස්තර මහත්තයාට පෙර පාසලේදී අකුරු කළ ගුරුවරයාගේ සීයා සම`ග එකට පාසල් ගිය අහවල් කොලූවාගෙන් කරුණු අසා දැනගෙන පැමිණියා නම් වඩාත් හො`දය.
 
 එසේ කරුණු දැනගැනීමෙන් පසු ගෝල්ෆේස් පිට්ටනියට විත් සියලූ මාධ්‍ය එහි කැ`දවා සරම අ`දින රාජිත ඔලූවෙන් හිටගෙන මාධ්‍යයට කතා කළේ නම් මේ රටේ ජනතාව ඇත්ත වටහාගනු ඇත.
 
 ගානියා බැනිස්ටර්ගේ කතාව හමුවේ ද්‍රෝහීන් දෙස බලා මෙසේ ආමන්ත‍්‍රණය කරනු හැර වෙන කරන්නට දෙයක් දැන් අපට නැත.

 සමන් ගමගේ

Related posts

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin

ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව අලුත් ගෑස් සමාගමක්

colombotoday

අගමැති මහින්දගේ උපදෙස් මත රජයේ මැදිහත්වීමෙන් මක්කම වන්දනා ගාස්තු අඩුකෙරේ

colombotoday

රුහුණු කතරගම මහ දේවාලයේ පාද යාත්‍රාවේ යමින් සිටි කතක් වන අලි පහරදීමකින් මරුට

Admin

ජනපති සිරිසේන බොදු බල සේනාව කැඳවා රහස් සාකච්ඡාවක!

colombotoday

මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක්

colombotoday