Colombo Today Local News

බෝතල් කපල කිරි දෙන හමුදාවක් නෙවෙයි අපි… කොට්ට, මෙට්ට නිරෝධායන මධ්‍යස්ථානවලට දීල අද අපේ හමුදාව නිදියන්නේ බිම – හමුදාපති හැඩුම්බරව කී කතාව (Video)

කූඩා ආර්ථිකයක් ඇති රටක් වුවද නිරෝධායන කටයුතුවලට යොමුකර ඇති පුද්ගලයන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා ලබා දී ඇත්තේ යුද හමුදාව භාවිත කරන ඒවා බවත් ඒවා ලබා දී අද වන විට යුද හමුදාව බිම නිදාගන්නා බවද ඔහු පැවසීය.

නිරෝදායනයේ යොදවා සිටි එක් පුද්ගලයෙක් සමාජජාල වෙත එක් කර තිබූ ඡායාරූපයක් ගැන අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ යුද හමුදාව කිසිසේත්ම බෝතල් කපා කිරි ලබාදෙන ජාතියේ යුද හමුදාවක් නොවන බවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට ගස්-ගල් මුල නිදාගෙන පුරුදු බවත් මෙවන් කැපකිරීමක් කළ නිසා අද රටම ජාතියම කොට්ට මෙට්ට ඔලුවට තබාගෙන නිදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

එම අදහස් දක්වද්දී හමුදාපතිවරයාට එක් අවස්ථාවක හැඬුම්බර වනු දක්නට ලැබිණි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමිනි.

https://www.facebook.com/thambapannipage/videos/1129138144091371/

Related posts

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday

“සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ළඟදීම පටන් ගන්නවා”

colombotoday

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලාට සුබ ආරංචියක්..

colombotoday