Colombo Today Local News

පිරිමින් මද සරු කල කොරෝනා

සෘජුවම ආසාදනය නොවුනත් කොරෝනා වෛරසය මගින් වෘෂණ කෝෂ වලට හානි සිදුවන බවට පර්යේෂකයින් විසින් සිදුකළ පරීක්ෂණයකින් හෙළිව තිබේ.

චීනයේ, ගොන්ගී Tufts සරසවියේ වෛද්‍ය ඒකකයේ පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයකදී හෙළිව ඇත්තේ වෘෂණ කෝෂවල තිබී කොරෝනා වෛරසය පිළිබද සාක්ෂි සොයා ගැනීමට හැකිව ඇති අතර එමගින් වෘෂණ කෝෂවල සශ්‍රිකත්වයට හානි කළ හැකි අකාරයද ඔවුන් සොයා ගන්නා ලද බව වාර්තාවේ දැක්වේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිමි රෝගීන්ගේ වෘෂණ කෝෂවල ඇති සෙමිනිෆර්ස් ටියුබය, කුඩා ව්‍යුහයන් හි ප්‍රබල විකෘති තාවයන් සිදුව ඇති ආකාරය සොයා ගැනීමට පර්යේෂකයින් විසින් සමත්ව ඇත.

කොරෝනා වෛරසය වැළදෙන පිරිමි පුද්ගලයින්ගේ වෘෂණ කෝෂවල සෙමිනිෆර්ස් ටියුබයට සිදුවන හානි හේතුවෙන් ඔවුන් වෛරසයෙන් සුවය ලැබුවත් ශුකාණු නිපදවීම අවම මට්ටමක් ගැනීමට හැකියාව ඇත.

මෙම වෛද්‍ය පර්යේෂණය සිදුකළ පර්යේෂකයින් විසින් සිය සොයා ගැනීම සම්බන්ධයෙන් වන කරුණු යුරෝපීය විද්‍යා සඟරාවක් වෙත යොමු කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ තත්ත්වයත් සමග ලිංගික එක්විමකදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතීද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ ආරම්භ කොට ඇත.

Related posts

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ, සභාපති ධුරය සරත් වීරසේකරට

Admin

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday

වෛද්‍යවරුත් අද සිට පළාත් මට්ටමින් වැඩ වර්ජනයේ

Admin

සම්මුති ආණ්ඩුවේ මංගල අයවැය පරතරය කෝටි 74000 ක්

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin