Colombo Today Local News

ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමට අන්තරේ, පෙරටුගාමීන් ඇතුළු සංවිධාන වාසුදේව සමග එක්වේ

රජය විසින් ගෙනඒමට නියමිතව ඇති ප්‍රතිත්‍රස්ත පනත පරාජය කිරීමට අදාළව ඉදිරියේදි ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (08) කොළඹ දී පැවැත්විණි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර සමග පැවැති අතර, ශිෂ්‍ය සංගම්, ජනතා ව්‍යාපාර, වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ සියල්ලන්ම සහාභාගී විය.

මෙහදී ඔවුන් විසින් පනත පරාජය කිරීම සදහා ඉදියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කල අතර, මේ සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ජාතික සංවිධායක මහේන්ද්‍රන්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මහිල් බණ්ඩාර දෙහිදෙණිය, ජනතා අරගල මධ්‍යස්ථානය වෙනුවෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන ස්වාමීන් වහන්සේ එක්ව සිටින ලදී.

Related posts

“සජිත් ජනපති කර රණවිරු ගායට බෙහෙත් දෙනවා” – තේනුවරගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

ලංකාවේ පළමු නි‌යෝජ්‍ය පොලිස්පතිනියට පොලිසියෙන්ම පෙත්සමක්

colombotoday

බැසිල් එක්ක බෑ.. ඔලුව උස්සන්න දෙන්නෑ – පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී කියයි

colombotoday

2022 වසරේ පළමු භාගයේ මිලියන තිස් දාහක බෝග සත්තුන් විනාස කරලා

Admin

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව 9 වැනිදා පාර්ලිමේන්තුවට

colombotoday

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනයක් පිහිටුවීමට අනුමැතිය

Admin