Colombo Today Local News

දිවි රැකදුන් හමුදාවට උතුරේ වැසියන්ගෙන් පැසසුම්…

පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.

මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ.

මෙහිදී වැඩිම ආපදාවක් වාර්ථා වූ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ විපතට පත් 39,932 ක් වූ වැසියන් බේරා ගැනීම සඳහා යුද හමුදාව ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කිරීම සාමාන්‍ය වැසියන් අතර විශේෂ වී ඇති අතර එහිදී කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ නායකත්වයන් යුද හමුදා සෙබළුන් දිවා රාත්‍රි සේවයේ නිරත වෙමින් විපතට පත් වැසියන් බේරා ගැනීමේ සිට ඉඳුම් හිටුම් , ආහාරපාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු දේ සිදු කරනු ලැබීය.

එමෙන්ම උතුරේ ගංවතුර තත්වය පහව යන තුරු විපතට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීමට මුලතිව් හා කිළිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි පමණක් යුද හමුදාව සහ නාවික හමුදාව දහසකට අධික ප්‍රමාණයක් යෙදවීමටද ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන ඇත.

Related posts

නව රජයට සහයෝගය දෙන්න දුමින්දගෙන් කොන්දේසි

colombotoday

‘අපි උඹව ඉක්මනටම මරනවා’ අන්තවාදීන්ගෙන් ජනපතිට මර්ණ තර්ජන…

colombotoday

අපෙන් බලා විනය ඉගෙනගන්න – දියවන්නාවේ මදාවියන්ට යොවුන් පාර්ලිමේන්තුවෙන් පණිවිඩයක්

colombotoday

ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගත් පොලිස් නිලධාරියකුට මන්නා පහර

Admin

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

පොහොට්ටුවේ මඩ බලකාය අපිට ෆේස්බුක් එකේ මඩ ගහනවා.. ජවිපෙ රහස් පොලිසියට පැමිණිලි කරයි

colombotoday