Colombo Today Local News

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ සත්‍ය යටපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇති අතර ඉදිරියේදී සියල්ල හෙළි කරන බව දූෂණ විරෝධී පෙරමුණේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසයි.

රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා ඝාතනයට කුමන්ත්‍රණයක්‌ කර තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳ විමර්ශනය අදක්‍ෂ හා මන්දගාමී අයුරින් කරගෙන යන්නේ ඒ නිසා බවද හෙතෙම සඳහන් කළේය.

රජයේ ඉහළම ආරක්‍ෂක අංශ ප්‍රධානියකු ඝාතනය කිරීමට තමන් කළ සැලසුමක්‌ හොංකොංහිදී හඬපට පරීක්‍ෂාවේදී හෙළි වී ඇතැයි කියමින් එක්‌තරා වෙබ් අඩවියක ඉකුත්දා පුවතක්‌ පළ වී තිබුණු බව කී නාමල් කුමාර මහතා මෙම පුවතෙන් විමර්ශන නිලධාරීන්ගේ යටි අරමුණ හොඳින් පැහැදිලි වන බවද කීය.

රහස්‌ පොලිසිය කරන විමර්ශනයක තොරතුරු වෙබ් අඩවියකට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව බලධාරීන් වහා විමර්ශනයක්‌ කළ යුතු බවද ඔහු පැවසීය.

තමන් කළැයි කියන ඝාතන සැලසුමට අදාළ උසස්‌ ආරක්‍ෂක අංශ නිලධාරියා වන්නේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතා බවද ඔහු පැවසීය.

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා පොලිස්‌ විශේෂ කාර්ය බළකායෙන් ලතීෆ් මහතා පන්නා දැමීමට තමන් දරන ප්‍රයත්නය සමග කතා බහ කළ අවස්‌ථාවක හෙළි වූ බවද ඔහුගේ යටි අරමුණ දැන ගැනීම සඳහා සියල්ල පටිගත කරන අතරේ ලතීෆ් මහතා පිළිබඳ දිගින් දිගටම ඔහු කතා කළ බවද නාමල් කුමාර කීය. තමන් ඒ හඬපටය මුල්ම අවස්‌ථාවේ රහස්‌ පොලිසියට භාරදුන් බවද ඒ මහතා පැවසීය.

ඒ පිළිබඳ හොංකොං නුවරට ගොස්‌ හෙළි කර ගැනීමට දෙයක්‌ නොමැති බවද ජනාධිපතිවරයා යටතේ පොලිසිය තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ අයුරින් කටයුතු කිරීම විශ්මයට කරුණක්‌ බවද හෙතෙම අවධාරණය කළේය.

(දිවයින)

Related posts

වෘතිය සමිතියක් ආරම්භ කලාට ස්වර්ණවාහිනී සේවකයන් 15 ක් රැකියාවෙන් දොට්ට

colombotoday

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin

ගැටුම සිසුන් දෙපිරිසක් අතරයි.. ජාතිවාදය අවුස්සන්න එපා – රජයේ මතය මෙන්න

colombotoday

සනීපාරක්‍ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න. ආණ්ඩුවට පැන්න ඩයනා ඉල්ලයි.

colombotoday

සිංහලයෙකු සමග විවාහ වූ මුස්ලිම් කාන්තාවට පල්ලියෙන් දුන් දඬුවම

colombotoday

ඇසල පුර පස‍ලොස්වක පොහොය අදයි

colombotoday