නව කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබන පුද්ගලයින් දෙදෙනා සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති බව වසන්ගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
වෛද්‍යවරයා පැවසුවේ පළමු කොරෝනා වෛරසය ආසාදනවු පුද්ගලයාගේ පුත්‍රයාද අයි ඩී එච් රෝහලට ඇතුලත් කර ඇති බවයි.
ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළිබද නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
aruna.lk