World

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිට බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථාන උප ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කාබුල් නුවර දී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් උප ජනාධිපති අම්රුල්ලා සලෙයි හට ඉන් කිසිදු අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උප ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂකයින් ගමන් ගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී උප ජනාධිපතිවරයාගේ ආරක්ෂකයෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කර ඇත.

Related posts

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

කොරෝනා වෛරසය පැතිරවීම: ඉන්දියාවේ පැරණිම මුස්ලිම් සංවිධානය වන තබ්ලික් ජමාත්ට විරුද්ධව නඩු දමයි

colombotoday

අධිබලැති විදුලි රැහැන් කුළුණක ගුවන් යානයක් පැටලෙයි

Admin

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා මරණ 410 ක්

colombotoday