Colombo Today Local News

අයවැය ජනවාරි මුල් සතියේ

නව රජයේ පළමු අයවැය ජනවාරි මස පළමු සතියේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත් එය පෙබරවාරි මාසයේ දී සම්මත කර ගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් දී ඔහු මේ බව පැවසීය.

පැය 48 ක් ඇතුළත නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බවත්, ළබැඳියා ගැටුම් තියෙන අය නව කැබිනෙට්ටුවේ සිටිය නොයුතු බවත් වික්‍රමරත්න මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අයවැය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“පාර්ලිමේන්තුව මුදල් අනුමත කළේ නැත්නම්, ජනවාරි මාසේ පළමුවැනිදායින් පස්සේ, සෞඛ්‍යයට, අධ්‍යාපනයට වගේ විශේෂ සේවාවන්වලට ඒක ගැටුළුවක් වෙනවා. අපිට පුළුවන් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න.“

“ඊට පස්සේ අපි කරන්න යන්නේ ජනවාරි මාසයේ මුල් සතියේම අයවැයක් ඉදිරිපත් කරලා, ඒක අපි පෙබරවාරි මාසයේ මැද වෙන කොට ඒක අපිට පුළුවන් සම්මත කර ගන්න.“

Related posts

අදත් කැස්බෑ මළ සිරුරක් ගොඩ ගසයි | දකුණු වෙරළ තීරයෙන් පමණක් මියගිය කැස්බෑවන් 16 ක්

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

16 හැවිරිදි තරුණියක් අතුරුදන්

Admin

රුවන් එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්.

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin