Colombo Today Local News

ෆෙඩරල් ව්‍යවස්ථාව අනිවාර්යෙන් ගෙන එන බව අගමැති දෙමළ සන්ධානයට ලිඛිතව පොරොන්දු වෙයි !

නව ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යෙන්ම ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයට ලිඛිතව පොරොන්දු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

විශ්වාසභංග යෝජනා විවාදය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

දූෂණ විරෝධීන්ගේ නිරුවත අද දැකගැනීමට හැකිවන බවත්, අගමැතිවරයාට පක්ෂව ඡන්දය ලබා දෙන්නේ මුදල් ලබාගත් අය බවත් මන්ත්‍රීවරයා කියා සිටි අතර, කතාව අතරතුර ආණ්ඩු පක්ෂයෙන් දැඩි ලෙස බාධා එල්ලවිය.

දෙමළ සන්ධාන නියෝජිතයන් ඊයේ රාත්‍රියේ අගමැතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර විශ්වාසභංගයේදී අගමැතිවරයාට පක්ෂව ඡන්දය භාවිතා කිරීමටනම් තමන්ගේ කොන්දේසිවලට එකග විය යුතු බවද ප්‍රකාශ කර ඇත.

Related posts

කොරෝනා ආසදිතව සුව වී දින 2කින් තරුණියක් මිය යයි

colombotoday

එස්.ටී.එෆ් වෙඩි පහරින් පාතාල වෙඩික්කරුවෙක් මරුට

Admin

සෝභිත හිමි අවමගුළේ සහජීවන මාධ්‍ය සංදර්ශන – හිමිවරුන් කණගාටුවෙන්

colombotoday

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

colombotoday

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday