Colombo Today Local News

හමුදාවට පොලිස් බලතල ලබාදීමට ඒකාබද්ධය විරුද්ධයි…

සාමය පවතින යුගයකදී යුද හමුදාවට පොලිස් බලතල ලබාදීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

නීතිය හා සාමය ආරක්ෂා කිරීම, රට තුළ විනය පවත්වාගෙන යෑමට පොලීසියට අනුයුක්තව විශේෂ කාර්ය බළකාය පිහිටුවා තිබෙන බවත්, ක්ෂ්ත්‍රයේ වගකීම ඉටු කිරීමට පොලිසියට නොහැකිවීම ගැටලුවක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

පොලීසියට නිසි නායකත්වයක් නොමැතිවීම නිසා රට තුළ නීතිය ආරක්ෂා කිරීමට නොහැකිවී තිබෙන බවත්, එහි වගකීම බාරගෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.

 

Related posts

මහින්දගේ ගමනට මෝදිගේ සූභ පැතුම

colombotoday

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

Admin

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

colombotoday

පොලිස් කොස්තාපල් කුඩුත් එක්ක මාට්ටු

colombotoday

අසාත් සාලි, හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි… බදියුදීන් තවමත් හොරගල් අහුලයි…

colombotoday

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin