Colombo Today Local News

හම්බන්තොට වරාය අපට අවශ්‍යයි… අවුරුදු 99ක් බදු දීම වැරැද්දක් – ජනපති ඉන්දීය මාද්‍යට කියයි

හම්බන්තෙට වරාය අවුරුදු 99කට චීනයට බදු දීම වැරැද්දක් බවත් මේ පිළිබඳව චීනය සමග නැවත සාකච්ඡා කිරිමට සූදානම් බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ භාරත් ශක්ති පුවත් සේවයේ නිටින් ගෝක්ලේ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරිමෙන් පසුව එක්වූ පළමු සාකච්ඡාව වෙය වෙයි.

“අපිට ස්වාධීනව සිටිනවා. මේක මම මගේ දිවුරුම් දීමේ අවස්ථාවේදීත් ප්‍රකාශ කළා. අපි ඉන්නේ ඉතාමත් වැදගත් සමුද්‍රීය ජලායක. මේ සමුද්‍රීය ජාලය නිදහස් විය යුතුයි.

අපි කුඩා රටක්. අපිට එක් රටක් තෝරා ගැනීමෙන් ඉදිරියට යන්න බෑ. අපි ලෝක බලවතුන්ගේ සටන්වලට මැදිහත් වෙන්නේ නෑ.

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම කටයුත්තකට අපි සම්බන්ධ වෙන්නේ නෑ. ඉන්දියාව ලොකු රටක්. අපි ස්වාධීන සෛවරී රාජ්‍යක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

වැදගත්ම දේ ආර්ථික සංවර්ධනයයි. එය සීමිත කලාපයක සිට කරන්න බෑ. අපිට විවෘත වෙන්න සිදුවෙනවා.

ඒකට අපි සූදානම්. අපිට ඉන්දියාවෙන්, චීනයෙන්, ජපානයේ සිංගප්පූරුවෙන් උදව් අවශ්‍යයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී චීනය සමග සම්බන්ධතා පැවැත්වූයේ හුදෙක්ම වාණිජමය මුහුණුවරකින්. නමුත් ලොක දේශපාලනය මේක ගැටලුවට දැම්මා. හම්බන්තොට වරාය පවා ඔවුන් ඒ ගැටලුවට ගත්තා.

හම්බන්තොට වරාය අපිට අවශ්‍යයි. හම්බන්තෙට වරාය අවුරුදු 99ක බදු දීමට ගත් තීරණය වැරැද්දක්. අපි එය නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ගනුදෙනුවට ජනතාව සතුටු නෑ. අවුරුදු දෙකක්, තුනක් පහක් කමක් නෑ. අපි අනාගතය සිතන්න ඕන.

ක්‍රමෝපායික වශයෙන් වැදගත් වරායක් මේ ආකාරයෙන් ලබාදීම ගැන නැවත සිතන්න ඕන.එක් පර්යන්තයක් ලබාදීම වැරද්දක්ක නෙමෙයි. වරායක් ලබාදීම කියන්නේ වෙන දෙයක්. ඒක මගේ මතයයි.අපි චීනය සමග වැඩ කරන්න සූදානම්.

ජනතාව මාව හදුනාගත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. මම විනය ගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්ශ්වයකට විතරක් වැඩ කරන්නේ නෑ.

ඒ නිසයි මම හැමකෙනෙකුටම ආරාධනා කළේ මගෙත් සමග එකතු වෙන්න කියලා. මිනිස්සුන්ට මාව ඒකාධිපතියෙක් ලෙස දකින්න පුළුවන්. නමුත් මම එහෙම නෙමෙයි. මගේ කාර්යයෙන් ඒක පෙනේවි. බටහිර මාධ්‍යයට මම කියන්නේ මාව හමුවෙන්න. මට කථාකරන්න. අපි පොඩි රටක්. දියුණු වෙන රටක්. අපිට උදව් කළ යුතුයි.”

Related posts

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක – ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

colombotoday

පොහොට්ටු සුනාමියෙන් මාතරත් කැළඹෙයි.. එජාප බලකොටු බිද වැටේ… ප්‍රබලයෝ සියල්ල අවතැන් වෙයි

colombotoday

හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (Video)

colombotoday

කාලකණ්නි කලාකාරයේ පිටරට ගිහින් කුඩුු ගහල ජාතිය වනසනව – සදුන් විජේසිරි

colombotoday

උද්ඝෝෂණ කරද්දී අපි දැනගත්තා ඕක වෙයි කියලා | සජිත්ට කොරෝනා හැදුන එක ගැන නාමල් කියයි

colombotoday

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

colombotoday