Colombo Today Local News

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් සැමරුම් උත්සවයක් සංවිධානය කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතාට හෙට (27) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.
 
ඉකුත් මැයි මාසයේ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තමා විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා ඇතැයි එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
 
මෙම සැමරුම තමා සංවිධානය කළේ යුද්ධය හේතුවෙන් පීඩාවට පත් වූ දෙමළ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.

ජන සංහාර සැමරුම් සතිය ලෙස නම් කළ සැමරුම් උත්සවයක් ඉකුත් මැයි 12 වැනිදා සිට සතියක කාලයක් පුරා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල්හිදී පැවැත්විණි. එම සැමරුම තුළින් ජාතිවාදය ඇවිස්සීමට සිවාජිලිංගම් මහතා කටයුතු කර තිබෙන බවට දකුණේ දේශපාලන කණ්ඩායම් සහ ආගමික නායකවරු චෝදනා කළහ. 

එම චෝදනා ප්‍රතික්ෂේප කළ සිවාජිලිංගම් මහතා පැවසුවේ යුද්ධය නිසා බැට කෑ දෙමළ  ජනයා සනහාලීමට තමා ඒ ක්‍රියාව කළ බවයි.

Related posts

ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ සම්බන්ධන් ව්‍යවස්ථාවෙන් කරගනී !!

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

ආර්ථික බංකොළොත් වෙන්න හේතු අහන්න කබ්රාල් කැඳවයි

Admin

අක්‍රියව වූ නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි පද්ධතියට..

Admin

කුරැන්දි ස්ථූපය කඩා ඉවත් කිරීමට අධිකරණය දී තිබූ තින්දුව අහොසි කරයි.

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම කඩා වැටීම වාර්තා කරයි !

colombotoday