Colombo Today Local News

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

kudu

බ්‍රිසීලයේ සිට ගෙන එන ලද සීනි කන්ටේනරයක සගවා මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 45 ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 30 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඊයේ සවස (09) සොයා ගන්නා ලදි.

බ්‍රිසීලයෙන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී නැව් ගතකරන ලද එම කන්ටේනරය පෘතුගාලය හරහා කොළඹ වරායට පැමිණ ඇත්තේ මෙයට සතියකට පෙරය. එය රේගු පරීක්‍ෂාවලින් පසු පසුගිය 08 වනදා වරායෙන් නිදහස්කර පෑලිගොඩ පිහිටි පුද්ගලික ගබඩාවකට ගෙන ගිය පසු මෙම හෙරොයින් තොගය සීනි තොග බෑමේදී හමුවී ඇති බව සදහන්ය.
සීනි කන්ටේනර් තුළ සගවා මහා පරිමාණයෙන් කොකේන් මෙරටට ගෙන ඒමේ ජාවාරම අනාවරණය වීමෙන් අනතුරුව සීනි කන්ටේනර් සුපරික්‍ෂණයට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ වැඩ පිළීවෙලක් දියත්කර තිබී ඇත. ඒ අනුව එම හෙරොයින් තොගය ගැන අදාල ගබඩාව තුළින්ම තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇති බව සදහන්ය.
බ්‍රසීලයේ සිට සීනි කන්ටේනරයක සඟවා හෙරොයින් රුගෙන ආ පලමු අවස්ථාව මෙය බවද සඟහන් වේ.

Related posts

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

colombotoday

ඇමති චම්පික ඉදිරිපත් කල හෙළ උරුමේ ගෝලයන්ට දරුණු පරාජයක්

colombotoday

උද්දමනය පහලට

Admin

හිටපු ජනපති මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන් හමුවෙයි

colombotoday

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday