Colombo Today Local News

සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය එජාපයෙන් ගිලිහෙනවා. මනෝ ගනේෂන් කියයි

එක්සත් ජාතික පක්ෂය කෙරෙහි සිංහල බෞද්ධ ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහී යමින් පවතින බව තමන් අවස්ථා ගණනකදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ පක්ෂ නායක රැස්වීම්වලදී තමන් මේ බව සඳහන් කළ බවයි.

එසේම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ මෙන් සිංහල බෞද්ධ ජනතාවගේ අකාර්ශනය පක්ෂයට නැඹුරු කර ගැනීම වෙනුවෙන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුව තිබූ බවත් තමන් සඳහන් කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

බෞද්ධ දර්ශනය යනු සියලු ජනතාවට ආවරණයක් වන ධර්මයක් විනා එය කිසිම ආගමක අනුගාමිකයන්ට බිය උපදවන ආගමක් නොවන බවට තමන් සඳහන් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් ආසාදියින් කිසිඳු පරීක්ෂාවකින් තොරව දින 10න් වැඩට ගෙන්න ගන්න චක්‍රලේකයක්

colombotoday

සන්ධානය යහපාලන දීගෙ කටුගායි-අලුත් අගමැති පත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin