Colombo Today Local News

සිංගප්පූරු ගිවිසුමේ කමිටු වාර්තා ප්‍රසිද්ධ කරන්න – GMOA ජනපතිගෙන් ඉල්ලයි

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්යෙන් පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් වහාම ප්‍රසිද්ධ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නීති විරෝධී ආකාරයට අත්සන් කළ සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සොයා බලා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ අනුව ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කළ බවත්, අදාළ කමිටුවේ වාර්තාව ඊයේ (10දා) ජනාධිපතිවරයාට භාරදී තිබෙන බවත් අද (11දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

බොහෝ කමිටු වාර්තා කුණු බක්කියට වැටී තිබෙන නිසා කමිටු වාර්තාව කඩිනමින් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

බෙංගාල බොක්කේ මැග්නිටියුඩ් 5.1 ක භූ චලනයක්

colombotoday

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday

ආරක්ෂක ලේකම් ධුරයේ මා ඉදිත්දීනම් විග්නේෂ්වරන් කටක් හෙල්ලුවේ නෑ

colombotoday

පාරිභෝගික අධිකාරියේ සභාපති දූෂණ වහගන්න පාරිභෝගික සමිති දඩයමේ !

colombotoday

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin