Colombo Today Local News

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

සැබෑ දේශපාලනඥයා කවුරුන් ද යන්න උගතුන් සහ බුද්ධිමතුන් මෙන්ම රටේ පොදු මහජනතාව මේ වනවිට හඳුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. පුද්ගලයකුට තැන්පත් බව, ඉවසීම, සදාචාරාත්මක බව, විනය ගරුක බව ඉතාමත් වැදගත් බව පෙන්වාදෙන ඒ මහතා එයින් බැහැරව දේශපාලනය කරන්නන් දේශපාලඥයන් විදියට හැඳින්විය නොහැකි බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ඊයේ (19) පෙරවරුවේ පැවැති විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ ජාතික පර්යේෂණ සභාව එක්ව සංවිධාන කළ මේ සම්මාන ප්‍රදානය 18වැනි වරට පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේ දේශපාලනය කරන හැම අයෙක්ම දේශපාලනඥයා යන්නෙන් අදහස් කළ ද දේශපාලනඥයා කියන්නටත් විද්‍යාඥයා සහ දේශපාලනඥයා අතර වෙනසේ දී සැබෑ දේශපාලනඥයා කවුද යන්න උගතුන් සහ බුද්ධිමතුන් මෙන්ම පොදු ජනතාවගේ මනසින් තේරුම්ගෙන ඇතැයි තමා විශ්වාස කරන බවත්ය.

දේශපාලනඥයන් හා විද්‍යාඥයන් අතර තිබෙන වෙනස මේ කාලයේ පැහැදිලිව දක්නට ලැබෙන බව පැවසූ ඒ මහතා, විද්‍යාඥයන්ගේ තිබෙන තැන්පත්කම, උගත්කම, බුද්ධිය, පරිනත බව, සාදාචාර්තමක බව, විනය ගරුක බව, මානුෂීයත්වය විද්‍යාඥයාගේ ප්‍රධාන කැඩපත විදියට ඒ චරිත ලක්ෂණ තුළ අපිට දකින්න පුළුවන් බවදකීය.

අපිට අපේ රටේ ආර්ථිකය, සංවර්ධනය විවිධ ක්ෂේත්‍රයන්හි තිබෙන තත්ත්වය සැලකිල්ලට ගත්විට විද්‍යාඥයන් කරන මෙහෙවර රජයක් ලෙස පොදු ජනතාව වෙනුවෙන් ඉහළම ගෞරවයට සහ ඇගයීමට ලක්කරන බවද, දැනට තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් මීට වඩා විද්‍යාඥයන්ගේ වැඩි අවධානයක් යොමු වීම සහ රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් පර්යේෂණ අංශවල ප්‍රමුඛත්වයක් දියයුතු යැයි තමා යෝජනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

Related posts

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

colombotoday

නව ව්‍යවස්ථා සම්මන්ත්‍රණයේ ගාලගෝට්ටියක්.. වික්‍රමබාහුට දැඩි විරෝධය (Video)

colombotoday

“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාව

colombotoday

ආහාර අහේනියක්… සහල්, අත්‍යවශ්‍ය ආහාර රටින් ගෙන්වන්නැයි ජනපති දන්වයි !

colombotoday

වරාය, ගුවන්තොටුපොළ විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි.. පොලිස් බලඇණි, ජල ප්‍රහාරක රථ සීරුවෙන් !

colombotoday

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday