Colombo Today Local News

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා දිවයිනට..

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, මෙරටට ආනයනය කළ පළමු බිත්තර තොගය බෙදා හැරීම ඊයේ(31)දින ආරම්භ කළ බවයි.

මහා පරිමාණ බේකරි හා හෝටල් සඳහා එම බිත්තර බෙදා හැරේ.

රුපියල් 35ක මිලකට එම බිත්තර බෙදා හැරීමට පියවර ගත් බව ආසිරි වලිසුන්දර මහතා පවසයි.

මේ අතර, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ මෙරට සමස්ත බිත්තර මිළ අඩු වනතෙක් සිය නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බවයි.

දැනට ආනයනය කරන බිත්තර සිය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසයි.

Related posts

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

මොනරාගල සෙලවෙයි

Admin

ඩයනා ගමගේට නොතීසි

Admin

ප්‍රධාන ජලාශ 73හි ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට – ජලාශ 18ක් වාන්මට්ටමේ

Admin

“පසු බසින්නේ නෑ : මවුබිමට ඇවිත් ජනතා පැතුම් ඉටු කරනවා”

colombotoday

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday