ජමාතේ මිල්ලතේ ඊබ්රහිම් සංවිධානයට සම්බන්ධ තවත් ක්රියාකාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක් මත අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම අන්තවාදීන් දෙදෙනා නුවරඑළිය කඳවුරේ පුහුණුව ලබා ඇති බවත් පොලීසිය පවසයි.
මෙහොමදු සාහීර් මුහ්ම්මදු අහ්සන් නොහොත් අබු අමාරා හා මොහොමඩ් අවුතාන් අනිස් මොහොමඩ් නොහොත් අබු සුබේහිර් නැමැති සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.