Colombo Today Local News

“සජිත්ගේ ගොන් කතා” දෙවන වටය ඇරඹුණා.. දැන් නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්

“සජිත්ගේ ගොන් කතා” දෙවන වටය ඇරඹුණු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (23) දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවේ දී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා….

සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනපතිවරණයේ දී ගොන් කතා 4ක් කිව්වාම පුළුවන් නම් ගොන් කතා දහයකට වඩා නොකියා ඉන්න කියා මම අභියෝග කළා. අවසානයේ දී ගොන් කතා 19ක් කියලා තිත්ත පරාජයක රසත් විඳලයි එතුමා පස්ස බැලුවේ. අපි හිතුවේ එතුමා දැන් පරිනතයි කියලා. නමුත් තවම හැදිලා නෑ වගේ. ඔන්න දැන් ගොන් කතා කීමේ දෙවන වටය අරඹලා. මම එතුමාට නැවත අභියෝග කරනවා. පුළුවන් නම් ගොන් කතා පහකට වඩා නොකියා ඉන්න.

එතුමාගේ පළමු ගොන් කතාව තමයි ජනතාවගේ දුක දැනෙන අමුතු නහරයක් එතුමාට තිබෙනවා කියන එක. කිසිම ස්නායු විශේෂඥයෙකු කිසිම මනුෂ්‍යයෙකුට එවැනි නහරයක් තිබෙන බව සොයා ගෙන නෑ. ඒ නිසා සජිත් මැතිතුමා පිටසක්වල ජීවියෙකු ද කියන සැකය අපට මතු වෙනවා.

එතුමාගේ දෙවන ගොන් කතාව තමයි එතුමා අගමැති වුවහොත් සෑම පවුලකටම මාසිකව රුපියල් විසි දහස ගණනේ දෙනවා කියන එක. ලංකාවේ ගෘහ ඒකක ලක්ෂ 51ක් වුවත් පවුල් ලක්ෂ 72ක් ඉන්නවා. ඒ් නිසා මේ දීමනාව සඳහා වසරකට බිලියන 1,728ක් නැතිනම් ට්‍රිලියන 1.7ක් යනවා. ලංකාවේ 2019 වසරේ ආණ්ඩුවේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 1.9යි. ඒකෙන් පොලී නැතිව ණය වාරික විතරක් ගෙවන්න රුපියල් ට්‍රිලියන 1.1ක් වැය වුණා. ඒ නිසා තමන් ආර්්ථික විශේෂඥයෙකු කියන සජිත් මැතිතුමා දැන් රටට කියන්න ඕනෑ සෑම පවුලකටම මසකට රුපියල් විසි දහස ගණනේ ගෙවන්න රුපියල් ට්‍රිලියන 1.7ක් සොයා ගන්නේ කෙසේද කියන එක.

හරින්ට සජිත් දෙන දඬුවම කුමක්ද?

මංගල සමරවීර මැතිතුමා දේශපාලනයෙන් සමු ගත්තාට පස්සේ පුංචි මංගල වීමට සැරසෙන හරින් ප්‍රනාන්දු මැතිතුමා ආගමික නායකයින්ට අපහාස කරන්න පටන් අරන්. අගරදගුරුතුමා කියන්නේ මෙරට කතෝලික ප්‍රජාවේ සංකේතය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කරන්නේ කතෝලික ප්‍රජාවේ මතය. එතුමා තමයි කතෝලික ප්‍රජාවේ ප්‍රකාශකයා. අගරදගුරුතුමන්ට අපහාස කරනවා කියන්නේ සමස්ත කතෝලික ප්‍රජාවටම අපහාස කරනවා කියන එකයි.

සජිත් ප්‍රේමදාස මැතිතුමා හරින් වෙනුවෙන් අගරදගුරුතුමාගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒකත් හරි අපූරු වැඩක්. එදා හරින් අගරදගුරුතුමාට බනිනවා. සජිත් සමාව ඉල්ලනවා. හෙට හරින් මහ නායක ස්වාමින් වහන්සේලාට බනිනවා. සජිත් සමාව ඉල්ලනවා. ඔබ පතුරු යන්න බනින්න. මම සමාව අරන් වැඩේ ෂේප් කර ගන්නම් කියා දෙන්නා අතර එකඟතාවයක් තිබෙනවා ද කියන සැකය අපට ඇති වෙනවා. ඒ නිසා සමාව අරගෙන මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. හරින් ප්‍රනාන්දු මැතිතුමාව පක්ෂයෙන් ඉවත් කරනවා ද ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරය ලබා නොදෙනවා ද ලබා දෙන දඬුවම මොකක්ද කියන එක සජිත් ප්‍රේමදාස මැතිතුමා රටට පැවසිය යුතුයි.

නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නවතම කේන්ද්‍රය සජිත්

මේ රටේ උරුමයට සිනාසුණු ඒ උරුමය විනාශ කරන්න කටයුතු කරන නව ලිබරල්වාදින් වට කරගෙන ඉන්නවා කියලා එදා අපි එජාප නායකත්වයට චෝදනා කළා. අපේ සංස්කෘතියට සිනාසෙන මංගල සහ හරින් වගේ නව ලිබරල්වාදින් රිෂාඩ් බදියුඩීන් වැනි මුස්ලිම් අන්තවාදින් දැන් ඉන්නේ රනිල් මැතිතුමා වෙනුවට සජිත් මැතිතුමා සමගයි. ඒ නිසා ලංකාවේ නව ලිබරල්වාදයේත් මුස්ලිම් අන්තවාදයේත් නැවුම් කේන්ද්‍රය බවට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් වෙලා කියන එක කණගාටුවෙන් වුවත් සිහිපත් කරන්න ඕනෑ.

Related posts

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

දෙල්කඳ දී පොලිසියට තග දැමූ පුද්ගලයා අත්අඩංගුවට

Admin

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday

හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවට

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි කර නෑ – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් කියයි

Admin

කසල ගොඩක තිබූ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

colombotoday