Colombo Today Local News

සජිත් පාක්ෂිකයන් නොමග යවලා.. “තවම නියෝජ්‍ය නායකකමින් ඉවත් වුණේ නෑ” – අකිල කියයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස ඉන් පරාජයට පත්වීමෙන් පසුව තමන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකමෙන් ඉවත්වන බවට මාධ්‍යයට ප්‍රකාශ කළද මේ වනතෙක් ඉවත්ව නොමැති බව වාර්තා වේ.

සිය පාක්ෂිකයන් නොමග යැවීම සඳහා එසේ තනතුරුවලින් ඉවත් වූ බව හැඟවීම සඳහා මාධ්‍යයට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

තමන් පරාජය භාරගෙන ඇමැති ධුරයෙන් හා විපක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත්වන බවට ප්‍රතිඵල නිකුත් කළ 17 වැනි දින සිය සමාජ ජාලයට පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ වනතෙක් ලිඛිතව නිල වශයෙන් නියෝජ්‍ය නායක තනතුරෙන් ඉවත්වන බවට දන්වා නොමැති බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු යන ඇමැතිවරුන් පක්ෂයේ නිලතල හා අමාත්‍ය ධුරවලින්ද ඉවත් වූයේ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී සහාය පළකර පසුව ආණ්ඩු පරාජයත් සමගය.

– අරුණ

Related posts

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday

ගතවූ දින 100 ගැන සෑහීමට පත්වීමක් නෑ !

colombotoday

ස්පාඤ්ඤයත් වසා දැමේ… රටම නිරෝධායනයට !

colombotoday

බදු සහන අද සිට ක්‍රියාත්මකයි !

colombotoday

සජිත්ගේ අලුත් සන්ධානය ‘ජාතික සමගි බලවේගය‘… ලකුණ හදවත…

colombotoday

පෝර්ට් සිටිය හදනවානම් ඉන්දියාවෙන් කොන්දේසි දෙකක්!

colombotoday