Colombo Today Local News

ෂරියා නීතියට අතගහන්න දෙන්නේ නෑ – අසාද් සාලි යලි කට අරියි

ෂරියා නීතිය ඇත්තේ මුස්ලිම් ජනතාවට බවත් එයට මැදිහත්වීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොදෙන බවත් බස්නාහිර හිටපු ආණ්ඩුකරා අසාත් සාලි මහතා පවසයි.

ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය.

“ෂරියා කියන එක වරදවා ගන්න එපා. ෂරියා කියන්නේ කිසිම කෙනෙකුට බලපෑමක් කරන එකක් නෙමෙයි. ෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ.  ”

මෙහිදී වෛද්‍ය සාෆි සම්බන්ධවද ඔහු අදහස් දක්වා සිටියේය.

“සාෆිට එරෙහිව නගර සභා සේවකයන් දාලා විරෝධතා කරන්නේ. රතන හාමුදුරුවෝ පැලෝපීය නාල විශේෂඥයෙක් වෙලා ඉන්නේ. පැලෝපීය නාල කොහොමද මිරිකුවේ කියා උන්වහන්සේ දන්නවා.

ඒකේ පී.එච්.ඩී. එක අරගෙන තිබෙන්නේ විමල් වීරවංශ උන්නැහේ. ඒකේ මහා පණ්ඩිතයා තමයි උදය ගම්මන්පිල. එල්ලලා මරන්න ඕන කියනවා.”

Related posts

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

සියලු තැපැල් සේවා බිඳවැටෙයි

colombotoday

වැසි නැති දවසක්

colombotoday

වන්දි ලබාදීමේ පනත සම්මත කිරීම දේශද්‍රෝහී ක්‍රියාවක් යැයි ඊනියා දේශප්‍රේමීන් පවසනවා – සජිත් ප්‍රේමදාස

colombotoday

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

colombotoday