Colombo Today Local News

ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ගැන රන්ජන් කල් තියා කියයි.. කට පරිස්සම් කරගන්නැයි රනිල් දැනුම් දෙයි…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය ගැනත්, ලබාදීමට යන තීන්දුව ගැනත් හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ‘දෙරණ’ වාදපිටිය දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් කළ ප්‍රකාශය ශේ‍ර්ෂ්ඨාධිකරණයට කළ නින්දිත අපහාසයක් බැවින් ඔහුට විරුද්ධව නඩුවක් ගොනු කරන්න බලාපොරොත්තු වන බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක ඇමැති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

‘ත්‍රීබෙන්ච් අධිකරණයෙන් දැනට තහනම් නියෝගයක් ලබාදී තිබෙනවා. දැන් ආරංචියක් යනවා පහට යන බව. පහෙන් තුනක් මෙහාට. දෙකක් එහෙට. ඒ නිසා තීන්දු වෙනසක් වෙන්නේ නෑ’යි රන්ජන් රාමනායක මහතා වාදපිටිය වැඩසටහනේදී ඔහුගේ වචනවලින්ම මෙසේ ප්‍රකාශ කර තිබෙන බව සඳහන් කළ ගම්මන්පිල ඇමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාග කරන්නේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් කියලා එජාපය කලින්ම දන්නේ කොහොමද? එයින් තුන්දෙනකු තම පැත්තට නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල දුන් තීන්දුව වෙනස් වෙන්නේ නෑ කියා ප්‍රකාශ කරන්නේ කොහොම දැයි ප්‍රශ්න කළේය.

මේ අතර ශේ‍ර්ෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු අධ්‍යයනය නොකර ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට ඊයේ (22දා) උපදෙස් දී තිබේ.

 

Related posts

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන ඔබ නොදත් කතාව

colombotoday

විෂ පොල්තෙල් වෙළඳපොලේ තවමත් අලෙවි වෙනවා. – යැව්වා කිවුවට යවලා නෑ..

colombotoday

මැතිවරණ නීතිවිරෝධී ක්‍රියා වීඩියෝ කිරිමට පොලිසිය පියවර ගනියි

colombotoday

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

colombotoday

මා දැව ජාවාරමේ නෑ.. හොරු අල්ලන්න උදව් කළා පමණයි – හිරුණිකා

colombotoday