Colombo Today Local News

ශ්‍රීලනිප-පොහොට්ටු සභාග රජයට ඇමති බදියුදීනුත් එක්වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවේ යැයි පැවැසෙන සභාග ආණ්ඩුව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු අතර කසුකුසුවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සභාග ආණ්ඩුවක් ඇතිවුවහොත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහාය ඊට සෘජුව ලැබෙන්නට ඉඩ ඇති බව වාර්තා වෙයි.

එසේ වුවත් සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේද සහාය අවශ්‍ය වෙයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ටද ආරාධනාවක් කිරීම සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය බදාදා පැවැති සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා සහාය ලබාදීම සම්බන්ධයෙන් ඇත්තේ අවම ඉඩකි.

ඒ අනුව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය අවශ්‍ය වෙයි. ඒ අනුව ඒ සඳහා සහාය දැක්වීමට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳව එම පක්ෂය තුළ කතාබහක් ඇතිවී තිබේ.

Related posts

යුද අපරාධ ලොක්කා මේ සතියේ ලංකාවට එයි.. කොටි ඩයස්පොරාව, NGO සතුටින් !!

colombotoday

ඇමතිවරු 20ක් අද දිවුරුම් දෙයි…

colombotoday

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday

රිෂාඞ් ඇතුළු 4දෙනෙක් යළි ඇමැති ධුරවල දිවුරති

colombotoday

රාජ්‍ය ආයතන යළි ආරම්භ කිරීමට ලබන සතියේ විශේෂ චක්‍රලේඛයක්

colombotoday

IMF නියෝජිතයින් අද දිවයිනට

colombotoday