Colombo Today Local News

ශ්‍රීලංකා-ඇමරිකා සෝෆා ගිවිසුම සූදානම්… ඇමරිකානු හමුදාවට මෙරට වරාය, ගුවන්තොටුපළ බදු නැතිව භාවිතයට අවසර

ඇමෙරිකාවේ යුධ මෙහෙයුම්වලට පහසුකම් ලබාදෙන රටක් වශයෙන් ශ්‍රී ලංකාව ඇතිකරගෙන තිබූ ගිවිසුම 2017 අවසන් වූ අතර එම ගිවිසුම යළි දීර්ඝ කර ඇතැයි ද ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියයි.

එසේම ඇමරිකානු ආරක්ෂක නිලධාරීන්ට මෙරට වරප්‍රසාද ලබා දෙන “සෝෆා” ගිවිසුමට අත්සන් තැබීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බවට පලව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඒ මහතා කියා සිටින්නේ සෝෆා ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් මෙරට දී නීති විරෝධී ක්‍රියාවකට අත්අඩංගුවට ගන්නා ඇමෙරිකානු භටයෙක් සම්බන්ධයෙන් මෙරට නීතියට අනුව ඉදිරි කටයුතු කළ නොහැකි වන බවයි.

මීට අමතරව ගුවන් තොටුපලේදී හා වරායේ දී ඔවුන්ගේ සියලු භාණ්ඩ වලට බදු අය නොකරන බවද බිමල් රත්නායක මහතා කීය.

Related posts

රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000ක් ආනයනය කරයි

colombotoday

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වර්ණනා කරන්න මට අවශ්‍ය නැහැ – ආරක්ෂක ලේකම්

colombotoday

වැල්ලවත්ත වෙරළේ නාඳුනන මළ සිරුරක්

Admin

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

colombotoday