Colombo Today Local News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානී අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිනුමකට බැර කිරීමට උත්සාහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධව එම ආයතනයේ ගිණුම් අංශයේ ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් අදාල පැමිණිල්ල සිදුකර තිබේ.

එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියට අදාළව රූපවාහිනි අයිතිය විකිණිම මඟින් ලැබුණු අදාළ මුදල ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකර වෙනත් ගිණුමකට බැර කිරීමට එහි ගිණුම් අංශයේ ප්‍රධානියා පියවර ගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එමඟින් සිදු කිරීමට ගිය හානිය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ගත වූ වසර තුළ සිදු කළ සියලු මූල්‍ය හුවමාරු පිළිබඳ විගණන පරික්ෂණයක් සිදු කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Related posts

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ජනවාරි මස මුලදී දිවයිනට

Admin

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday

පිලිපීනයෙන් ශ්‍රී ලාංකිකයින්ට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරෙයි

colombotoday

ධනුෂ්කට එරෙහි චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

Admin

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday