World

වෛද්‍යවරුන්ට අහසින් යන්න ක්‍රමයක් : පරීක්ෂණය සාර්ථක වන ලකුණු

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්”, එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින් අත්හදා බලා තිබේ.

එම ගිලන්රථ සේවයේ අධ්‍යක්ෂ, ඇන්ඩි මව්සන් පැවසුවේ එය සුවිශේෂී ජයග්‍රහණයක් බවය.

ඔහු පැවසුවේ, නව ක්‍රමවේදය හේතුවෙන් තත්පර 90කින් පමණ, අසනීප වී ඇති පුද්ගලයා වෙත යෑමට වෛද්‍යවරයාට හැකි වන බවය. සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඒ සඳහා ඔහුට විනාඩි 30ක් ගතවේ.

විශේෂයෙන් ම හදවත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය වැදගත් වනු ඇති බව එම අත්හදාබැලීම් කළ ආයතනය පැවසීය.

Related posts

“100% ක් මුස්ලිම් පල්ලි ත්‍රස්තවාදීන්ට උදව් කරනවා” – ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්

colombotoday

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

දුරකථනයෙන් අමතා පූටීන් ට්‍රම්ප්ට කියූ දේ !

colombotoday

කෝටි 200ක මුදල් වංචාවට ජැකලින් විත්තිකාරියක් කරයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday