Colombo Today Local News

විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු නැවත දැනුම් දෙන තුරු වසා දැමේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම කවුළු අද (15)දින සිට තාවකාලිකව වසා දැමූ බවයි.

සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයදුම්කරුවන් සඳහා, මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ හා විද්‍යුත් තැපෑල මඟින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත්‍ර නිවසට ම ගෙන්වා ගැනීමේ පහසුකම් සලසා ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.

වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් හෝ 0112784323 දුරකථන අංකය ඔස්සේ සහතික පත්‍ර ශාඛාව ඇමතීමෙන් හෝ ක්ෂණික දුරකථන අංක 1911 ඇමතීමෙන් ලබා ගත හැක.

Related posts

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට….

colombotoday

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – රියදුරු මරුට

Admin

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

colombotoday

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැදී සිටි 46ක් දිවයිනට එවයි

Admin