Colombo Today Local News

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

වැලිපැන්න, බොන්දුපිටිය හන්දිය අසල දී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (10)දින හොරණ, විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොතුරක් මත එම වැටලීම සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් අදාළ සැකකරු සහ හෙරොයින් ග්‍රෑම් 22ක වැලිපැන්න පොලීසියට බාර දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි කුරුන්ද පාර බොන්දුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (11)දින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday

එදා නරක අද හොද පෝට් සිටී නැවත ඇරඹේ

colombotoday

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

colombotoday

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin