Colombo Today Local News

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු කළ ඉල්ලීම පිළිගත් බව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නිවේදනය කළේය.

නිතීඥවරයෙකු මාර්ගයෙන් ජංගම දුරකථනයක් රැගෙන ගොස් ඥානසාර හිමිගේ සාක්ෂි රහසිගතව පටිගතකිරීමේ දී අදාළ මව්ලවිවරයා පොලිස් බාරයට ගෙන තිබුණි.

එම්.එම්.එම්.මුර්ෂිද් නමැති එම මව්ලවිවරයා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Related posts

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday

බලපත්‍ර කොන්දේසි කැඩූ බස් රථ 58ක් අත්අඩංගුවට

Admin

මිලියන 30ක හොර රූපලාවන්‍ය ආලේපන තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට

Admin

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday