Colombo Today Local News

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන් වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ඇත.

ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් අද දින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව සමග ද සාකච්ඡා පවත්වන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතා සඳහන් කළේය.

සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණු ආරච්චී මහතා පැවසුවේ සබරගමුව පළාතේ ද 10 ශ්‍රේණිය ඉංග්‍රිසි දෙවන ප්‍රශ්න පත්‍රය පිටවීම පිළිබඳව ද විධිමත් පරීක්ෂණයක් ආරම්භ කෙරෙන බවය.

එමෙන්ම ඔහු සඳහන් කළේ මේ වනවිට 10 ශ්‍රේණිය ඉංග්‍රිසි දෙවන ප්‍රශ්න පත්‍රය නැවත සකස් කර ඇති බවයි.

එය එළඹෙන බදාදා දින සිසුන්ට පෙර පරිදි විභාහගයක් පවත්වා ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර මධ්‍යම පළාතේ අවසාන වාර විභාග පරීක්ෂණ සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍ර ද විභාගයට පෙර පිටවී ඇත්දැයි සෙවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දුන් බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, මෙතෙක් එවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

එබැවින් සුපුරුදු පරිදි හෙට දින විභාග පැවැත්වෙන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යය ඔස්සේ නිකුත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

මෛත්‍රීට රට කරන්න පුලුවන්ද ? බැරිද? රට අච්චාරුවක් වෙලාද? – ජනතාව කියන කතා මෙන්න

colombotoday

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

colombotoday

කොකේන් සහ මත් පෙති සමග තරුණයෙක් දැලේ

Admin

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් 27වනදා දිවයිනට

colombotoday

මිලියන 300ක කොකේන් සමග කෙන්යා ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට..

Admin