Colombo Today Local News

ලියාපදිංචි ඉස්‌ලාමීය සංවිධාන 436 යි. පල්ලි 2599 යි. ලියාපදිංචි නොකල පල්ලි 967යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

ඉස්‌ලාමීය සංවිධාන 436 ක්‌ මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ මොහොමඩ් රිෆයිදීන් මොහොමඩ් මලික්‌ මහතා ලබාදුන් ප්‍රකාශ අනුව අනාවරණය වන්නේ යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක්‌ මගින් දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ලියාපදිංචි කරන ලද ඉස්‌ලාම් පල්ලි 2599 ක්‌ ඇති බවත් ඉන් 80 ක්‌ පමණ තව්හීද් ජමාත් සංවිධානවල පරිපාලනය යටතේ පවතින බවත් එම දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වාර්තාව මගින් අධිකරණයට වැඩිදුරටත් දැන්වීය.

ලියාපදිංචි නොකරන ලද මුස්‌ලිම් පල්ලි 951 ක්‌ හා ලියාපදිංචි නොකරන ලද තව්හීද් ජමාත් පල්ලි 16 ක්‌ ඇති බවත් මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලබාදුන් ප්‍රකාශ අනුව පෙනී යන බවත් එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය. ත්‍රිකුණාමලය සිවිල් අභියාචනාධිකරණය 2017.9.27 වැනිදා ඉස්‌ලාමීය සංවිධාන ලියාපදිංචි කිරීම අත්හිටුවා නියෝගයක්‌ නිකුත් කළ බවත් එම දිනයෙන් පසු එවැනි සංවිධාන කිසිවක්‌ ලියාපදිංචි කර නැති බවත් මුස්‌ලිම් ආගමික හා සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලබාදුන් ප්‍රකාශය අනුව පෙනී යන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ පරිදි පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්‌ත බෝම්බ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට හා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා ලබාගත් ප්‍රකාශ අනුව එම කරුණු හෙළිවූ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

Related posts

ජූලි 30 කොළඹදී ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පවත්වන “ලෝක මුස්ලිම් ලීගය” අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරවුව මෙන්න

colombotoday

ජනපති හා පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක්

Admin

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

colombotoday

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

පොලිස් මූලස්ථායේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට පළමු වරට කාන්තා නිලධාරිනියක්

colombotoday