Colombo Today Local Newsfeatured

ජූලි 30 කොළඹදී ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පවත්වන “ලෝක මුස්ලිම් ලීගය” අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරවුව මෙන්න

සෞදි ආරබියාව MWL (Muslim World League) හරහා යුරෝපය තුල ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන බව එක්සත් රාජධානි (UK) රජය විසින් එරටට අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලැබෙන ආකාරය සොයා බැලීම සඳහා පත්කළ කොමිෂන් සභා වාර්තාවක් 2017 ජූලි මස එලි දක්වමින් සඳහන් කර ඇත.

2006 වසරේ සිට 2010 වසර දක්වා සෞදියේ එක්සත් රාජධානි තානාපතිවරයා ලෙස කටයුතු කල “සර්. විලියම් පාටි” (Sir William Patey) විසින් මූලිකත්වය ගෙන වාර්තාව සකසා ඇති අතර එහි සංශිප්ත වාර්තාවක් පමණක් ආරක්ෂක හේතුන් මත ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම වාර්තාව මගින් පැහැදිලි ලෙසම සෞදි අරාබියාව ගෙන යන දෙබිඩි පිළිවෙත හෙළිකර ඇත.

කිසිදු අවස්ථාවක සෞදි ආරබියානු රජය ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත සෘජු ලෙස මුදල් සපයන්නේ නැති බවත් අන්තවාදී මතවාද (ideology) ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් මුදල් ලබා දෙන බවත් එම වාර්තාව මගින් “සර්. විලියම් පාටි” පෙන්වා දී ඇත.

ඒ මගින් සෘජු ලෙස ත්‍රස්තවාදයට මුදල් නොයොදා සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයෙක් ත්‍රස්තවාදියෙක් දක්වා ගමන්කරවන මාර්ග සැකසීම සඳහා මුදල් පොම්ප කිරීමට සෞදි රජය ක්‍රියා කරන බවට අවධාරණය කර ඇත.

Muslim World League සහ world association of muslim youth යන සංවිධාන දෙක හරහා එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවල් සඳහා මුස්ලිම් පල්ලි වෙත වහබ්වාදය සහ සලෆිවාදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මුදල් ලබා දෙන බව කොමිෂන් සභා වාර්තාව මගින් හෙළි කර ඇත.

Related posts

ජවිපෙ නායක අනුර දිසානායක‍ගේ අයර්ලන්ත සවාරියේ තවත් රහස් එළියට.. වීඩියෝව මෙන්න

colombotoday

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday

“ණය ගෙවන්න සල්ලි නෑ.. හම්බන්තොට වරායෙන් 80% චීනයට දෙනවා“ – මුදල් ඇමති

colombotoday

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ඇරඹේ

colombotoday