Colombo Today Local News

ලිට්ට්‍රෝ ගෑස් සමාගම හරහා ඩොලර් මිලියන ගනනක වංචාවකට අයතා පත්වීම්…

වර්තමානයේ ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ LPG ගෑස් සැපයුම් කරු වන OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල් ) සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා වශයෙන් 2018 වසර දක්වාම ක්‍රියාකල ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ් ) නැමැත්තා ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇතැයි වාර්තා වෙයි .

මේ හරහා LPG ගෑස් ආනයනයේදී විශාල වශයෙන් වංචා සිදුවිය හැකි අතර OTI සමාගමට පමණක් අයතා වාසි ලැබීමද නොවැලැක්විය හැකිබව පරම සත්‍යයකි.

දැනට LPG ගෑස් මෙට්‍රික් ටොන් 350,000 ක් පමණ වාර්ෂිකව ආනයනය කරන අතර ඒ සඳහා රුපියල් කෝටි 3542 ක පමණ මුදලක් රජය වාර්ෂිකව වැය කරයි.

සැපයුම් ඒකාධිකාරය OTI සමාගමට ලබාදීම මගින් අති දැවන්ත කොමිස් වංචාවක් කිරීමට මුදල් ඇමති මංගල සමරවීර කැසකවන අතර ඒ සඳහා වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර OTI සමාගමේ 2018 වසර දක්වාම බල‍යලත් දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කල ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) සහ මංගල සමරවීරගේ හෙන්චයියන් කිහිපදෙනකු පත්කර ගැනීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු අපවෙත අනාවරණය කරසිටී.

ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) OTI සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා බවට OTI සමාගම මගින් තම ලිපි ශීර්ෂය යටතේ ලිට්ට්‍රෝ වෙත දන්වන ලද ලිපියත්

ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) තමන්ගේම ලිපි ශීර්ෂයක් යටතේ තමා OTI සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන බවට ලිට්ට්‍රෝ වෙත දන්වන ලද ලිපියත්

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කල බවට නිකුත් කරන ලද ලිපියත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් R H S සමරතුංග මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කල බවට නිකුත් කරන ලද ලිපියත්

ෂන්මුගසුන්දරම් දේවනායගම් නැවතත් තමන්ගේ ලිපි ශීර්ෂය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාට ස්තූති කරමින් යවන ලද ලිපියත් මේ සමග අමුනා ඇත.


  • චන්දන නිමල්

Related posts

මේ ආණ්ඩුව රණ විරුවන්ගෙන් සහ සංඝරත්නයෙන් පලිගන්න හිර කලා. – ගෝඨාභය

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

ක්‍රියාවිරහිතව තිබූ පළමු යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය ඇරඹේ..

colombotoday

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව 100 වන ස්ථානයට

colombotoday

සේරුවිල – සාම්පූර් ඉපැරණි චෛත්‍යයක් ඩෝසර් කරලා !!

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday