Colombo Today Local News

ලක්ෂ 25ක කේරළ ගංජා කල්පිටියෙන් අල්ලයි

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන, රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුතු කේරළ ගංජා ,සැකකරුවන් 5දෙනෙකු සමග අද(16)දින අලුයම අත්අඩංගුවට ගත් බැව් කල්පිටිය පොලිසිය පවසයි.

පාර්සල් 10ක අසුරන ලද කිලෝ 22කුත් ග්‍රෑම් 475 ක් වන කේරළ ගංජා තොගයක් මෙහිදී සොයාගෙන ඇත.
සැකකරුවන් අතර කාන්තාවක් ද වන අතර ඔවුන් සියලුදෙනා කන්දකුලිය සහ කුරුඥම්පිටිය පදිංචි,වයස අවුරුදු 30 ත් 50 ත් අතර අයවලුන් ය.

ඊයේ සැන්දෑවේ සැකකරුවෙකු සහ කාන්තාවක යතුරු පැදියකින් කේරළ ගංජා ඇසුරුම් 4ක් ප්‍රවාහනය කරමින් සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අනතුරුව ප්‍රශ්න කිරීමේදී එවැනි ඇසුරුම් 6ක් ධීවරයෙකු හා තවත් සැකකරුවන් තිදෙනෙකු සන්තකයේ තිබිය දී සොයා ගෙන ඇත. සැකකාර ධීවරයා පවසා ඇත්තේ මුහුදේ පාවෙමීන් තිබී මෙම ඇසුරුම් අහුලා ගත් බව ය.

සැකකරුවන් කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් ජනතාවට සෞදියෙන් තෑග්ගක්…

colombotoday

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

colombotoday

රාවණා ඇල්ල රක්ෂිතය ගිනි ගනී.. අක්කර සියයකට වඩා සම්පූර්ණයෙන් විනාශයි

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday