Colombo Today Local News

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

ram_setuශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරමින් මුහුදු පාළමක් සහ උමං මාර්ගයක් ඉදිකිරීමට අදාළ සැලසුම් සකස් කරමින් සිටින බව ඉන්දීය ප්‍රවාහන හා මාහාමාර්ග අමාත්‍ය නිතින් ගද්කරි පවසයි. ඉන්දීය ලෝක් සභාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇතිබවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

තමිල්නාඩුවේ රාමේෂ්වරම සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම යා කරමින් ඉදි කිරීමට නියමිත මෙම මුහුදු පාලම සහ උමං මාර්ගය දිගින් කිලෝමීටර් 22ක් වන අතර අදාළ ව්‍යාපෘතිය සදහා ඉන්දීය රුපියල් කෝටි 24,000ක පමණ මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද ඉන්දීය ප්‍රවාහන ඇමතිවරයා ලොක් සභාවේදී ප්‍රකාශ කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුව ඒ සදහා මූල්‍ය පහසුකම් සැපයීමට සූදානම්ව සිටින බවත් මෙම ව්‍යාපෘතිය පිළිබද ඉන්දු – ලංකා අගමැතිවරුන් හමුවූ අවස්ථාවන්වලදී සාකච්ඡා පවත්වා ඇති බවද ඔහු ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් යම් හෙයකින් මෙම පාළම ඉදිවුණහොත් එතුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ස්වෛරීත්වයටත් මරු පහරක් එල්ලවනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

Related posts

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අදාළ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Admin

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

යහපාලන රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ගිවිසුම් 3ක් ගැන විග්නේෂ්වරන් හෙළිකරයි

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday

හෙරෝයින් ග්රෑම් 4ක් ළඟ තබා සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

colombotoday