Colombo Today Local News

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

යාපනය වෙත්තලකේනි මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 63 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 213 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වෙත්තලකේනි මුහුදු තීරයේ දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර එහිදී ගංජා බෑග් 8 ක් තුළ පාර් සල් 98 ක කේරල ගංජා තොගය අසුරා තිබුණි.

එහිදී ඩිංගි යාත්‍රාව හා යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බවට නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ත් 41ත් පසුවන අතර ඔවුන් යාපනය උඩුතුරෙයි හා අලියාවරෙයි යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්ය.

ඔවුන් හා කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙතට බාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Related posts

ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නියමිතව තියෙද්දී ගාසා පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

Admin

වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් එළියට

colombotoday

දින 11 ක් තිබූ ඩීසල් නැව නිදහස් කරගනී

colombotoday

රංජන් අධිකරණයට ගෙනඑයි

colombotoday

“ඉවසුවා ඇති.. ගාල්ලේ මැයි රැළියට නොයන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගැන තීරණයක් ගන්නවා” – මහින්ද සමරසිංහ

colombotoday

තවත් කොරෝනා රෝගීන් 7 ක් වාර්තා වෙයි. රෝගීන් සංඛ්‍යාව 330 දක්වා ඉහලට

colombotoday