පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී දැරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ , ඇගේ පියා , එම නිවසට රැගෙන ආ තරව්කරු ද අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.
එමෙන්ම එම නිවසේ මීට පෙර සේවය කළ 22 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳගේ සොහොයුරා ද අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.