Colombo Today Local News

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

ඔක්තෝබර් 26 වනදාට පෙර පැවති ආකාරයට අග්‍රාමාත්‍යවරයකු පත් කරගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණට තමන්ගේ සහාය දක්වන බව ප්‍රකාශ කළ ද එජාපෙ රජයට එක්වීමේ අදහසක් තමන්ට නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

තමන් මැදිහත් වන්නේ රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය අවසන් කිරීම සඳහා බව අවධාරණය කරමින් ඒ මහතා සඳහන් කළේ එම අස්ථාවරභාවයට වගකිව යුතුවන්නේ ජනාධිපතිවරයා බවයි. එහෙයින් ජනාධිපතිවරයා ම ක්‍රියාත්මක වී මෙම අස්ථාවරභාවය අවසන් කිරීමට දැන් කටයුතු කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔක්තෝබර් 26 වනදා ජනාධිපතිවරයා කළ ක්‍රියාව නීතිවිරෝධී බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් පැවසූ සුමන්දිරන් මහතා එදිනට පෙර පැවති තත්වයට රට නැවත ගෙන ඒම සඳහා තම සහයෝගය එජාපෙට ලබාදෙන බව ප්‍රකාශ කළේය.

Related posts

විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස්

Admin

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin

ජපාන තානාපති අකිරා සුගියාමා විපක්ෂ නායක හමුවෙයි

colombotoday